ජුලියන් කයිට් සතුන්ට ඛෙහෙවින් ආදරය කරන්නෙකි.සතුන් අතුරින් ඔහුගේ වැඩි ආදරය කවදත් දිනාගත්තේ සුනඛයින්ය.
තමන් සන්තකයේ සිටිනා සාන්ත බර්නාඩ් වර්ගයට අයත් වෙලින්ග්ටන් නම් වන බලු සුරතලාට අංග සම්පූර්ණ ගෙයක් තනාදිය යුතුයැයි අදහසක් ජුලියන්ගේ සිතට නැගෙන්නේ සිය සුරතලා තම ‘‘මිනිස්‘‘නිවහනේ රැදීමට දක්වන ආශාව දුටු විටදීය.ජුලියන් වැඩට බසින්නේ මගේ වගේම නිවහනක් වෙලින්ග්ටන්ටත් සාදාදෙන්නෙමියි යන අරමුණ පෙරදැරි කරගෙනය.
සති කිහිපයක් අවසානයේ වෙලින්ග්ටන්ට නිවහනක් ඉදිකර දීමට ජුලියන් සමත් වේ.මහල් දෙකකින් යුක්ත වන නව නිවාසය අඩි 7 ක් පමණ උස් වන අතර විදුලි බලය,නළ ජලය ආදී පහසුකම්ද වෙලින්ග්ටන් වෙනුවෙන් සැපැයීමට ජුලියන් අමතක කර නොකළේය.වෙලින්ගටන්ට නම් ඒවා වැඩකට ඇති සෙයක් පෙනෙන්නට නොතිබුණද සිය නව නිවහන කෙරෙහි දැඩි ඇල්මක් දක්වන වෙලින්ග්ටන් දකින තමාට මේ සදහා වියදම් වූ පවුම් 2000 ද අමතක වන බව ජුලියන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොල්ලට පිස්සුද මන්දා. කව්ද අප්පේ අර බළු ආත්මයක් පත්න්නේ.(නදී)
රොෂාන්, ඔයගේ පිටිපස්සට වල්ගයක් තිබුනා නමි වෙනසක් නැතුව ඇති.(නදී)
මිනිස් ආත්මයක් ලබන්න කල්ප ගානක් පෙරුම් පුරන්න ඕනා. මිනිස්සු සත්තු ගානට වැටෙන්න හදන්නේ ඇයි.?(නදී)
බල්ලෙක් උනත් වාසනාවන්තයි (ස)
මෙවන් කරුණාවන්ත හදවතක් ඇති එකට ස්තූතියි. (නි)
බල්ලාට ඇදුමක් අන්දමුද (දී)
අනේ ඌ කෙතරමි පින්කරලාද?(නදී)
හැම දෙයක්ම කරන්නේ ආදරය නිසයි.(නදී)
දැන් ඉතින් තියෙන්නේ බල්ලට පෙළවහක් කරලා දෙන්න. (ත)
අනේ රොශාන් එහෙම හිතන්න එපා. ඔයාට ලැබුණු ආත්මය ගැන සතුටු වෙන්න . නොලැබෙන දේවල් වලට අශා කරන්න එපා හොඳද (ස)
බලන්නකෝ බල්ලට තියන සැප. මටත් හිතෙනවා ඔය වගේ බල්ලෙක් වෙන්න.(නදී)
කරුණාවන්ත මිනිසෙක් (ත)
ඉසුරන්දි දන්නෙ නැහැ සමහර පැති වල බල්ලන්ට තියෙන සැප. (නි)
මිනිස්සුන්ට තියෙන ආසාවල් (දී)
බල්ලව දොට්ට දාන්න හොදම ක්‍රමය කරලා තියෙනවා. (නි)
සත්ත්වයන් අතුරින් උත්තරීතරම සත්වයා වනුයේ මිනිසාය. නමුත් ඒ මිනිසා විසින් කරන්නාවු දුෂිත ක්‍රියාවන් බලු ගදටත් වඩා දුගදය. (නි)