සොදුරු උදෑසනකි. ඇමෙරිකාවේ නොෆෝක් ප්‍රාන්තයේ වීදියක සිය රථය ධාවනය කරමින් සිටි රියැදුරෙකු දුටුවේ අපූරු දසුනකි.

ඒ සිංහයෙකු වීදිය දිගේ ඇවිද යන බවයි.

වහා ක්‍රියාත්මක වූ ඔහු හදිසි ඇමතුම් සේවය අමතා තමන් ගොදුරු සොයා ඇවිදින සිංහයෙකු දුටු බවය බව දැනුම් දුන්නේය.පණිවුඩය ලද වහාම ක්‍රියාත්මක වූ නොෆෝක් ප්‍රාන්ත පොලිසිය පළමුවෙන් ප්‍රදේශයේ වූ සත්ත්වෝද්‍යානයට ඇමතුමක් දී එහි වූ සිංහයන් අතුරින් එකෙක් නැතිවී ඇත්දැයි සොයා බලා ඇති අතර එහි සිට ලැබුණු පිළිතුර වී තිබුණේ සත්ත්වෝද්‍යානය සතු සිංහයන් දෙදෙනාම කූඩුවේ සිටින බවයි.

අන්දමන්ද වූ පොලිසිය සත්ත්වයා දුටු බවට තොරතුරු ලැබුණු ප්‍රදේශය බලා යෑමට තීරණය කළේ එහි සිංහයෙකුවේ නම් ඌ අල්ලා ගැනිමේ අරමුණද ඇතිවිය.වීදි පිරික්සමින් සිටිනාතුර ඔවුනට හමුවූයේ නිවෙසක ආලින්දයේ ඉදගෙන සිටිනා  සිංහයාය.

බියපත් වූවද හොදින් නිරීක්ෂණය කිරීමේදී පොලිස් නිලධාරීන්ට පැහැදිලි වූයේ ඒ සිටියේ සිංහයෙකු සේ පෙනෙනා ආකාරයට ලොම් කැපූ බල්ලෙකු බවයි.මේ අතර නිවෙස් හිමියාද පැමිණ කාරණය විමසීමේදි ඒ බැව් තහවුරු වී තිබේ.

බල්ලාගේ හිමිකරු බොහෝ දෙනා සිය සුරතලා සිංහයෙකියි කියා රැවටෙන බව පවසයි.සිංහයෙකු මෙන් පෙනුනද චාර්ල්ස් රාජා හට කිසිදු සිංහ ගතියක් නම් පිහිටා නැති බවද ඔහු කියයි.