ඉතාලි ජාතික මාරියා මාර්ගරීටා සතුනට ඛෙහෙවින් ඇලුම් කළාය. එහෙයින් මගතොටේදී දකින අයාලේ යන බල්ලන් බළලූන් නිවසට රැගෙන විත් හදා වඩා ගැනීම ඇයගේ පුරුද්දක් විය.

ඔවුන් අතුරින් ජර්මන් එඩේර වර්ගයට අයත් බල්ලකු වූ සිසියෝ අන් සතුන්ට වඩා ඇයගේ සිත් ගත්තීය. සිසියෝද පෙරළා සිය ස්වාමි දුවට දැක්වූයේ එබදුම ඇල්මකි. දෙදෙනාගේ බැදීම කෙතරම්ද යත් මාරියා ඉරිදා දින පල්ලියේ දේව මෙහෙයට සහභාගී වීමට යන විටදී සිසියෝද ඇය පස්සෙන් ඒමට පුරුදුව සිටියාය.

සියල්ල හොදින් සිදුවෙමින් පැවැතියදී හදිසියේම රෝගාතුර වූ මාර්තා මරු තුරුලට යන්නීය.ඇයගේ මළගම පැවැත්වෙනුයේද පෙර සදහන් කළ පල්ලියේමය. මේ කිසිත් නොදත් සිසියෝද ඇයගේ මළගමට සහභාගී වූයේ ඉස්සර ලෙසම දේව මෙහෙය අවසන් වූ පසු මාර්තා සමග නැවත නිවස කරා යාමට අපේක්ෂාවෙන් විය හැකියි.

නමුත් මාර්තා සිසියෝව කැටුව යාමට නොපැමිණියාය.බලා සිට අවසානයේ තනිව නිවස කරා ගිය සිසියෝ එදවස පටන් සෑම ඉරිදා දිනකම පල්ලියේ දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේදී ඊට සහභාගී වන්නේ මාර්තා හමුවීමට විය හැකියි.

දේවමෙහෙය පැවැත්වෙන ඉරිදා දිනයන්හීදී සියල්ලන්ටම කලින් පැමිණ පල්ලියේ අල්තාරය ඉදිරිපිට වාඩි වී සිටිනා සිසියෝ ප්‍රදේශයේ සියල්ලන්ගේ ආදරය දිනා ගෙන ඇත.පල්ලිය භාර දේවගැති පවසන ආකාරයට සිසියෝ කිසිදු ආකාරයකින් දේවමෙහෙයට බාධා වන සේ නොහැසිරෙයි. සියල්ලන්ගේ ආදරය දිනා සිටිනා සිසියෝ ඔවුන්ගේ ආදර සංග්‍රහ ඉවසුවද තවමත් බලා සිටින්නේ මාර්තා නැවත පැමිණෙතැයි සිතාගෙන බව ඔහු කියයි.