ඉතා අසාධ්‍ය රෝගීන් සහ දීර්ග කාලයක් තිස්සේ එක්තැන්ව සිහිසුන්ව සිටි රෝගීන් මරා දැමූ බවට චෝදනා එල්ල වූ බ‍්‍රසීල වෛද්‍යවරියක ඊයේ (28) එරට අධිකරණය හමුවේ වරදකරු විය.
හෙලේනා සෝරේස් දෙ සෝසා නමැති එම වෛද්‍යවරිය මේ වනවිට ඇගේ රෝගීන් හත් දෙනකු මරා දැමූ බවට 
වරදකරු වී සිටින නමුත් පොලිසිය පවසන්නේ ඇය රෝගීන් 300 දෙනකුගේ මරණවලට වගකිවයුතු 
බවය.
වෛද්‍යවරිය සහ ඇගේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉතා අසාධ්‍ය තත්ත්වයේ එක්තැන් ව සිටි රෝගීන් ට විශේෂ ඖෂධ මිශ‍්‍රණයක් එන්නත් කර ඔවුන් ස්වසන ආබාධයන්ට ලක් කර මරා දැමුවේ යැයි අනාවරණය වී ඇත.

වෛද්‍යවරිය අත්අඩංගුවට ගත් අවස්ථාව