නිසි ප‍්‍රතිකාර ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි කර සිය බිරිදගේ මරණය ඉක්මන් කළ බව කියා ගුවන් යානා සමාගම් තුනකකට එරෙහිව නීතිමය පියවර ගැනීමට හංගේරියානු සැමියෙක් සැරසේ විල්මා සෝල්ටෙස් හා ඇගේ සැමියා වන ජැනෝස් සෝන්ටෙස් මෙවරත් ඇමරිකා එක්සත් ජනපදයේ සිට සිය මව් රට වන හංගේරියාවට පැමිණ ඇත්තේ කෙටි නිවාඩුවක් ගත කිරීමටය.56 හැවිරිදි විල්මා රාත්තල් 425 බර තරබාරු තැනැත්තියකි.නිව්යෝක් නගරයෙන් කේ.එල්.එම්. ගුවන් යානයකින් ඇය සහ ජැනෝස් හංගේරියාවට පැමිණ ඇත. විල්මාගේ තත්ත්වය තේරුම් ගත් බළධාරීන් සාමාන්‍ය මගී ආසන පටි ඇයට කුඩා වීම නිසාවෙන් විශේෂයෙන් සැකැසූ ආසන පටියක්ද ඇය වෙනුවෙන්ම දුන්නේය හංගේරියාවේදී ඇයට හදිසි අසනීප තත්ත්වයක් ඇතිවීය ඇය නැවත නිව්යෝක් නගරයේ ඇයගේ වෛද්‍යවරුන්ට පෙන්වීම සදහා ඇමරිකාවට රැුගෙන යාමට ජැනෝස් තීරණය කර ඇත.හංගේරියාවේ බුඩාපෙස්ට් ගුවන්තොටට ගොස් කේ.එල්.එම්. ගුවන් සේවයට අයත් ගුවන්යානයකට ගොඩවන්නේ සිය බිරිදට මෙවරද පහසුකම් ලබා දීමට ඔවුන් කටයුතු කරතියි සිතාගෙනය . එහෙත් ඔහුගේ අපේක්ෂා බිද හෙලමින් යානයේ නියමුවා පවසා ඇත්තේ වෙල්මාට ආසන පටි හරිහැටි තද කරගැනීමට නොහැකි නිසා ඇයත් රැුගෙන ගුවන්ගත වුවහොත් ඇයටත් ගුවන් යානයේ ගමන්ගන්නා අනෙක් මගීන්ටත් අනතුරක් විය හැකි බැවින් යානයෙන් ඉවත් වන ලෙසයි අවසානයේ විල්මාත් රැගෙන ජැනෝස් යන්නේ ප‍්‍රාග් .ඒ කේ.එල්.එම්. ගුවන් සේවයෙන්ම කළ රෙකමදාරුවකට අනුවය.ප‍්‍රාග් නුවර ඩෙල්ටා ගුවන් යානයකින් විල්මාට නිව්යෝක් කරා යාමට හැකිවේයැයි ඔවුන් කළ රෙකමදාරුවට අනුව බුඩාපෙස්ට් සිට ප‍්‍රාග් නුවර කරා යන ජෝනාස්ගේ බලාපොරොත්තු නැවතත් බිද වැටෙන්නේ ඩෙල්ටා ගුවන් සේවයද විල්මාව සිය යානයකට නංවා ගැනීමට අදිමදි කිරීම නිසාවෙනි.යළිත් බුඩාපෙස්ට් නගරය කරා පැමිණෙන ඔහු මෙවර තෝරා ගන්නේ ලූෂ්තාන්සා ගුවන් සේවයයයි.එහෙත් ඔවුන්ද විල්මාව යානයේ ගෙන යාම ප‍්‍රතික්ෂේප කර ඇත. මේ කළබල අතරතුර සිය අසනීප තත්ත්වය උත්සන්න වීම නිසා විල්මා මිය ගියාය . මේ හමුවේ කලබලයට පත්ව ඇති ගුවන් යානා සමාගම් වෙන්ව නිවේදන නිකුත් කරමින් තමන් විල්මාට උපරිම පහසුකම් ලබා දීමට කටයුතු කළ බව කියයි. ඔවුන් දැන් නිදහසට කරුණු ඉදිරිපත් කරනා බව පවසන ජැනෝස් ඉදිරියේදීවත් මෙවන් විපතක් කිසිවෙකුට අත් නොවීමට ගුවන් යානා සමාගම් පියවර ගන්නා තෙක් සිය සටන අත්නොහරින බව පවසයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බිරිය මළාට ගුවන් සමාගමට නඩු
ජෝසප් Wednesday, 28 November 2012 07:05 PM
අනේ මන්දා
ලලිත් - කටාර් Thursday, 29 November 2012 11:22 AM
හරියටම හරි. මෙවන් දේවල් නැවත සිදුනොවෙන්න වගබලාගත යුතුයි. (නි)
මධූ Wednesday, 28 November 2012 02:35 PM
හොඳ සැමියෙක් (ස)
දයා සෞදි Thursday, 29 November 2012 01:49 PM
මේක හරියට ක්‍රියාත්මක වෙයිද? උනොත් නම් හොදයි..!(නු)