IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


බි‍්‍රතාන්‍යය බලා ගිය පාකිස්තාන මගී යානයේ මහ කලබලයක්

පාකිස්තානයේ සිට බි‍්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් ගුවන්තොටුපොළ තෙක් පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් පැහැර ගැනීමටත් පුපුරුවා හැරීමටත් එහි සිටි මගීන් දෙදෙනකු උත්සහ කිරීමත් සමඟ යානය හදිසියේ ගොඩබැස්සීමට කටයුතු කෙරිණි.
පාකිස්තාන ගුවන් සේවයට අයත් බෝයිං වර්ගයේ එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට අමතරව මගීන් 287 දෙනකු ගමන් කරමින් සිටි බව පැවැසෙයි.
එම කලබලය කළේ යානයේ සිටි බි‍්‍රතාන්‍ය ජාතික මගීන් දෙදෙනෙකි. එම මගීන් දෙදෙනා ගැන නියමුවන් බි‍්‍රතාන්‍ය ගුවන් සේවා බලධාරීන්ට දැනුම් දුන් අවස්ථාවේදී බි‍්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ප‍්‍රහාරක ජෙට් යානයක් පිටත් කර මගී යානය ස්ටැන්ස්ටඞ් නමැති කුඩා ගුවන්තොටුපොළට ගොඩ බාන්නැයි බල කර ඇත.
යානය ගොඩ බෑ අවස්ථාවේදී කලබල කළ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණි. ආරක්ෂක අංශ යානය පරීක්ෂා කළ ද පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට හැකියාවක් නොලැබුණි.



අදහස් (0)

බි‍්‍රතාන්‍යය බලා ගිය පාකිස්තාන මගී යානයේ මහ කලබලයක්

සීලා Monday, 27 May 2013 10:05 AM

බ්‍රිතානිය ජාතිකයෝ කීවට පකිස්තානෙන් ගිහින් පුරවැසි බාවේ ගත්තු අය.මේ වැඩ නිසා වෙන්නේ එහෙ යන්න වීසා බලාන ඉන්න අපට හිර වෙන එකයි(අ).

:       0       0

දිසානායක Monday, 27 May 2013 11:25 AM

ශීලා ත්‍රස්තවාදය ලොව පෝෂනය කලේ ඔය රට තමයි.(නදී)

:       0       0

රූපා Monday, 27 May 2013 11:38 AM

දිසානායක, එකාදිපතියෝ එලවන්න බටහිර රටවලින් උදවු ඉල්ලන් යනවා මිනිස්සු. හරියට අපේ රජවරුන්ට එරෙහිව කැරලි ගහන්න ඉන්දියාවෙන් උදවු ඒ කාලේ ගත්ත වගේ. "ඩෙවිල්ස් ඩබල්ස්" කියල චිත්‍රපටියක් තියනවා කැමති නම් බලන්න සදාම් හුසේන්ගේ පුතා ගැන.(නදී)

:       0       0

සේන Monday, 27 May 2013 11:39 AM

දිසානායක ඕක තමා බලය කියන සංකල්පේ හැටි. ඉන්දියාව කොටින් පාවිච්චි කරලා අපට කලෙත් ඒ ටික. සෝවියට් දේසේ ඇෆ්ගනිස්තානේ, කොරියාවේ,කොලොම්බියාවේ,කොංගෝවේ කලෙත් කොමියුනිස්ට්වාදේ පතුරන්න හදපු එක.(නදී)

:       0       0

සම්පත් Monday, 27 May 2013 01:09 PM

ඉස්ලාම් රටවල් ඔක්කොම විනශවීගෙන යන කාලයක් නේද මේක ? (නි)

:       0       0

අමාලි සිල්වා Monday, 27 May 2013 01:14 PM

අද ලෝකයේ තිබෙනවා ත්‍රස්තවාදය කිහිප විදිහකට.එකක් මුස්ලිම් ත්‍රස්තවාදය. අනික් එක විමුක්තිකාමින්ගේ. උදාහරණයක් විදියට අපේ ලංකාවේ පලවෙනි ත්‍රස්තවාදය කළේ අහවල් පෙරමුණ. පසුව දෙමල කොටි ඊලාම් සංවිදානය. අනික් රටවලත් එහෙම තමා. අපේ තුවාලේ නෙමේ අනික් එක්කෙනාට. එනිසා නොයෙක් අර්ථකතන දෙනවා ත්‍රස්තවාදය වෙනුවෙන් (නි)

:       0       0

සරත් Monday, 27 May 2013 01:22 PM

මිනිස්සු බය වෙන්න ඇති

:       0       0

දිලීප Monday, 27 May 2013 01:27 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15773 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site