IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බි‍්‍රතාන්‍ය රජය එක්වදෝරයට කළ තර්ජන ඉවත් කරගනී

බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර තම තානාපති කාර්යාලයට කඩා වැදී එහි ආරක්ෂාව ලැබ සිටින විකිලීක්ස් සංස්කාරක ජුලියන් ඇසෙන්ජ් අත්අඩංගුවට ගන්නා බවට බි‍්‍රතාන්‍ය රජය කළ තර්ජනය ඊයේ (26) ඉල්ලා අස්කර ගත්තේ යැයි එක්වදෝර ජනාධිපති රෆායෙල් කොරේයා පවසයි. ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන ඇසෙන්ජ් (41) ස්වීඩනයට බාර දීමෙන් වැළැකී බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව ලැබ සැඟවුණේ මීට මාසයකට පමණ පෙරදීය. ඇමෙරිකාවේ රාජ්‍ය සහ යුදමය රහස් ලොවට හෙළි කිරීමෙන් ඇමෙරිකාවේ උදහසට ලක් වී සිටින ඇසෙන්ජ් ස්වීඩනයට බාරදීමට (උදර්පනය) බි‍්‍රතාන්‍ය රජය සූදානමින් වෙයි. ඇසෙන්ජ් ස්වීඩනයට බාරදීමට බි‍්‍රතාන්‍ය රජය සූදානම් වන්නේ ස්වීඩන අධිකරණයක් ඇසෙන්ජ් ඉල්ලා සිටීම නිසාය. ඇසෙන්ජ් ස්වීඩනයේ සිටිද්දී කාන්තාවන් දෙදෙනකු අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු විභාගයක් පැවැත්වෙයි. ඇසෙන්ජ් බි‍්‍රතාන්‍යයේ සිටිද්දී, ඇමෙරිකාවට රාජ්‍ය සහ හමුදා රහස් ලොවට හෙළි කිරීමේ වරදට දඬුවම් දීමෙන් ඔහුගෙන් පළි ගැනීමට ඇමෙරිකාවට නුපුළුවන්ය. ස්වීඩනයට පැමිණියහොත් ඇමෙරිකා රජයට තමා අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි ඇසෙන්ජ් පවසයි. ඇසෙන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයට ගොස් එක්වදෝරයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ එහෙයිනි. ඇසෙන්ජ් වහාම තමන්ට බාර දෙන ලෙසත් එසේ නොකළහොත් තානාපති කාර්යාලයට බලෙන් කඩා වැදී ඔහු අත්අඩංගුවට ගන්නා බවටත් බි‍්‍රතාන්‍ය රජය තර්ජනය කළේ එම අවස්ථාවේදීය.



අදහස් (0)

බි‍්‍රතාන්‍ය රජය එක්වදෝරයට කළ තර්ජන ඉවත් කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site