කන්සර්වේටිව් පක්ෂයේ මීළඟ නායකයා ලෙස බොරිස් ජොන්සන් පත්වනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
ඔහු මේ වන විටත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මියට ට සහාය දීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර ප්‍රධාන විපක්ෂය කම්කරු පක්ෂයෙන්ම මෙන්ම අගමැතිනියගේ පක්ෂය වන කන්ස්ර්වේටිව් පක්ෂයෙන්ම තෙරේසා මේට අගමැතිධුරයෙන් ඉල්ලා අස්වැන්නැයි දැඩි පීඩනයක් එල්ල වී තිබේ.
මැතිවරණයේදී නොසිතු විරූ තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමත් ආසන පරාජයට පත්වීමත් මෙවර මැතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පක්ෂයේ ඉතා නරකම ප්‍රතිපත්තිය ලෙස නම්වීමත් සමඟ බ්‍රිතාන්‍ය අගමැතිනියට පක්ෂ අභ්‍යන්තරයෙන්ම චෝදනා එල්ල වන්නට වී තිබේ.
කෙසේ නමුත් ඉවත් වැන්නැයි කෙරෙන ප්‍රකාශවලට පිළිතුරු දෙමින් අගමැතිධුරයෙන් ඉවත්වීමේ කිසිදු අදහසක් නැතැයි ද ආණ්ඩුවක් පිහිටුවීමට සැලැසුම් කරන බව ද අගමැතිනි තෙරේසා මේ මහත්මිය පවසා තිබේ.
ඬේලිමේල් ඇසුරිනි 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තත්වය ලංකාව තුලත් ඇතිකර ගෙදර යැවීමට ජනතාව කටයුතු කළා නම් හොඳයි.
අපි හිතුවේ එංගලන්තයේ ජනතාව බුද්ධිමත් කියලා. බලනකොට ලංකාවේ වගේමයි. ලංකාවෙත් කාටවත් බහුතරයක් නොදී,... අච්චාරු ආණ්ඩුවක් පිහිටුවලා අන්තිමේදී මුළු රටම අස්ථාවර වුණා.
තෙරේසා,.. මේ මහත්මියට බහුතර බලය අහිමිවීමට බලපෑ ප්‍රධාන සාධකය ලෙස විශේෂයෙන්ම මේ මහත්මිය ත්‍රස්තවාදයට සහ අනිකුත් නීති විරෝධී ක්‍රියාවන්ට දැඩි නීති පැනවීමට තමා බලයට ආ විගස ක්‍රියාකරන බව ඡන්දයට කලින් පවසා තිබුණා. යුරෝපය තුල ප්‍රංශය සහ එංගලන්තය විදේශිකයන්ට සැබෑ මානුෂික හැඟීමකින් සලකද්දීත් ඉවක් බවක් නැති දුෂිත ක්‍රියා දවසින් දවස උත්සන්න වෙයි. මේ දෙරට තුල ත්‍රස්තවාදී ක්‍රියා සහ අනිකුත් ක්‍රියාවන් වහාම නැවත්වීමට දරදඬු පාලකයෝ අත්‍යවශ්‍යය..