ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට හදිසියේ පැමිණි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඊයේ (19) එරට ජනපති හමීඞ් කර්සායි හමුවූයේය.
අගමැති කැමරන් ආරක්ෂක අංශ නිලධාරීන් පිරිවරා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට පැමිණියේ පෙරේදා (18) රාති‍්‍රයේය. ඇෆ්ගනිස්තානයට පය තැබූ විගස ඔහු බි‍්‍රතාන්‍ය හමුදා සේනාංක රැඳී සිටින බැස්ටියොන් කඳවුරේ සංචාරය කළේය. එහිදී බි‍්‍රතාන්‍ය සෙබළුන් හමුවෙමින් ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට ද අගමැතිවරයා අමතක නොකළේය.
අගමැතිවරයාගේ එම සංචාරය හදිසියේ සිදුවූයේ අල් කයිඩා හෝ තලේබාන් සටන්කාමීන්ගෙන් හෝ ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පැවැති නිසා යැයි බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
වසර 10 කට වැඩි කාලයක් තිස්සේ පවතින ඇෆ්ගන් යුද්ධය 2014 වසර වෙද්දී අවසන් කිරීමට නේටෝ හමුදා බලාපොරොත්තු වෙයි.
බි‍්‍රතාන්‍යය ද නේටෝ සාමාජික රාජ්‍යයක් වන අතර එරට හමුදා සෙබළු 9,500 ක් ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව සටන් වදිති. බි‍්‍රතාන්‍යය ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිට වී යන්නේ එරට ආරක්ෂක කටයුතු ඇෆ්ගන් රජයට සහ ආරක්ෂක අංශවලට පවරමින්ය.
නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු රටේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ඇෆ්ගන් ජනපති සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.
තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා ඇති කිරීම සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයෝ අවධානය යොමු කළහ. තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතර සාම සාකච්ඡා සඳහා පාකිස්තානයේ දායකත්වයද ඉතා වැදගත් බව බි‍්‍රතාන්‍ය අගමැතිවරයා අවධාරණය කළේය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බි‍්‍රතාන්‍ය අගමැති හදිසියේම ඇෆ්ගනිස්තානයේ සංචාරයක
ෆර්සාන් Saturday, 21 July 2012 12:24 PM
කොටි ලංකාවේ අවුඃ 30 ක් මිනීමැරුවෙ පිළිම වැඩි හින්දද මන්දා?
මධූ Saturday, 21 July 2012 01:33 PM
තොප්පිය හරිනම් දාගන්න..... (ස.වි)
ප්‍රියන්ත Sunday, 22 July 2012 08:36 AM
කවුරු කවුරුත් හිතන් ඉන්නේ ලංකාව එයාලගේ බූදලේ කියලා. (නි)
ලක්මාල් Saturday, 21 July 2012 12:54 AM
හදිස්සියෙම තමයි යන්න වෙන්නේ....කියලා ගියොත් වැඩේ වරදිනවනේ.......
ඒ.ඒ.ඒ. Sunday, 22 July 2012 12:23 PM
අෆ්ගනිස්ථානය බුදුන් වැඩමකළ දේශයක් නොවේ. (ස)
මදූ Friday, 20 July 2012 04:36 PM
බාමියන් බුදුපිළිම කඩල මාස හතක් යන්නත් කලින් පළ දුන්නා (ත)