IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් ඉන්දීය රජය සමඟ වෙළෙඳ ගිවිසුම්වලට අස්සන් තබයි

ව්‍යාපාරිකයන් පිරිසක් ද පිරිවරාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර සංචාරයකට පැමිණි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඊයේ (19) ඉන්දීය රජය සමඟ නව වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අස්සන් තැබීය.
අගමැති කැමරන් ඉන්දියාවේ මුම්බායි නුවරට පැමිණියේ ඉකුත් 18 වැනිදාය. බි‍්‍රතාන්‍ය ව්‍යාපාරික ආයතන සහ සමාගම් රැසක ප‍්‍රධානීන් සහ නියෝජිතයෝද අගමැතිවරයා සමඟ එම සංචාරයට එක් වූහ.
ඉන්දියාවේ ආර්ථික කේන්ද්‍ර ස්ථානය ලෙසින් ද සැළකෙන මුම්බායි නුවරට පැමිණි අගමැති කැමරන් ඉන්දීය ව්‍යාපාරික ප‍්‍රජාව අමතමින් විශේෂ දේශනයක් ද පැවැත්විය.
අගමැති කැමරන් එම ඉන්දීය සංචාරය ආරම්භ කළේ හෙලිකොප්ටර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් දූෂණ චෝදනා රැසක් එල්ල වී ඇති මොහොතකය.
ආරක්ෂක සහ අධ්‍යාපන ක්ෂේස්ත‍්‍රය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ආයෝජන අවස්ථා රැසක් ඇති කර ගැනීමට ද කැමරන් ප‍්‍රමුඛ නියෝජිත පිරිස සූදානමින් සිටින බව වාර්තා වේ. අගමැති කැමරන් ඉන්දියාවට පැමිණියේ ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද්ගේ ඉන්දීය සංචාරයෙන් පසුවය. ප‍්‍රංශ ජනාධිපති  ඕලන්ද් ද ඉන්දියාවට පැමිණ වෙළෙඳ ගිවිසුම් රැසකට අස්සන් තැබීය.

බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් නවදිල්ලි අගනුවරදී ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවී...

 

බි‍්‍රතාන්‍ය අගමැති කැමරන්, මුම්බායි නුවර ඕවල් මේඩන් කී‍්‍රඩංගනයේ පැවැති කි‍්‍රකට් තරගාවලියකට ද එක් වී දක්ෂ පිතිහරඹයක නියැලූණේ රැස්ව සිටි පිරිසගේත් මාධ්‍යවේදීන්ගේත් අවධානය දිනා ගනිමිනි.



අදහස් (0)

බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් ඉන්දීය රජය සමඟ වෙළෙඳ ගිවිසුම්වලට අස්සන් තබයි

සූකිරි Wednesday, 20 February 2013 04:31 PM

සෙනරත් ආර්ථික වියදම ගැන ටිකක් හරි දන්නවා නම් ඔහොම කියන්නෙ නැහැ. (නි)

:       0       0

නිමන්ත Wednesday, 20 February 2013 04:29 PM

මොනවා කරන්න හදනවාද දන්නේ නැහැ (දී)

:       0       0

නිමලා Wednesday, 20 February 2013 04:33 PM

ඇයි අපටත් ආවේ ස්වාසිලන්තයෙන්... (නි)

:       0       0

නිමලා Wednesday, 20 February 2013 04:30 PM

යාලුයි යාලුයි කිවුවට චීනෙන්වත් රුසියාවෙන්වත් මෙහෙට එන්නෙ නැහැනේ. (නි)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 05:53 AM

අපේ දේශපාලඥයෝ වේදිකාවල නැග්ග ගමන් කරන්නේ යුරෝපයටයි, ඇමරිකාවටයි බනින එක. ඒවා මෙයාලට ආරංචි වෙනවා. ඒ නිසා අපේ රටට වෙළද ගනුදෙනු වලට එන්නේ නැහැ. තව තවත් අරියාදු කරනවා.(නදී)

:       0       0

සෙනරත් Wednesday, 20 February 2013 11:58 AM

එංගලන්තය ඉන්දියාවට ඇවිත් තියෙන්නේ දුප්පත් වෙලාද?(නදී)

:       0       0

ලලිත්-කටාර් Friday, 22 February 2013 12:56 AM

සෙනරත්, ආර්ථික විද්‍යාව පොඩ්ඩක් වත් දන්නේ නැද්ද?(නදී)

:       0       0

චූලා Friday, 22 February 2013 12:57 AM

බලන්න ප්‍රංශෙන්, ඇමරිකාවෙන්, ජර්මනියෙන් ආවා. මේ එන්නේ වෙලද ගනු දෙනු වලට. ඇයි අපි බුලත් දුන්නත් එන්නේ නැත්තේ.(නදී)

:       0       0

රීටා Friday, 22 February 2013 12:57 AM

ආයෝජකයෝ අපේ රටට නොඑන්නේ උතුරේ ප්‍රශ්ණය නිසා නෙමෙයි. අපේ අය කම්මැලියි. උද්ඝෝෂන කරනවා. හොරකම, වංචාව වැඩියි. (නදී)

:       0       0

නිලා Wednesday, 20 February 2013 02:58 PM

ලෝකේ වෙන දේවල් අපිට කියනවාට් ලංකාදිපෙට ස්තුති (දී)

:       0       0

පාලින්ද Wednesday, 20 February 2013 03:01 PM

අපිත් පොඩ්ඩක් පරිස්සම් උනාට කමක් නැහැ (දී)

:       0       0

පාලිත Wednesday, 20 February 2013 03:00 PM

අපිට බලපෑමක් වෙයිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site