
මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් 'බ්‍රික්සිට්' ක්‍රියාවලියට මෙහෙය වූ බ්‍රිතාන්‍යයේ 'බ්‍රික්සිට්' අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩේවිඩ් ෆරොස්ට් එම ධුරයෙන් ඉල්ලා අස්විය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය ගැන කලකිරීමෙන් තමා ඉල්ලා අස්වන බව ඩේවිඩ් ෆරොස්ට් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
මේ වනවිට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් ප්‍රමුඛ ඔහුගේ කොන්සවර්ටිව් පක්ෂ රජය දේශපාලනික අර්බුදයකට මුහුණ දෙයි. ජොන්සන්ගේ නායකත්වය ද ප්‍රශ්න කිරීමට ලක් වෙයි.
ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ දරුණු කොවිඩ් 19 රැල්ලක් ආරම්භ වී තිබීමත්, ඔමික්‍රෝන් විකෘතිය එරට ව්‍යාප්තවීමත්ය.
ඩේවිඩ් ෆරොස්ට්, 'බ්‍රික්සිට්' අමාත්‍යවරයා ලෙස පත් කළේ ද අග්‍රාමාත්‍ය ජොන්සන්ය. මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු, මහා බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතරේ ගනුදෙනු සිදුවන ආකාරය ගැන සැලැසුම් සකස් කළ තැනැත්තා වන්නේ ද ඩේවිඩ් ෆරොස්ට් ය.
ඩේවිඩ් ෆරොස්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ 'බ්‍රික්සිට්' ක්‍රියාවලියේ ඉදිරි වැඩපිළිවෙළ අවිනිශ්චිත යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රික්සිට් ඇමැති ඉල්ලා අස්වෙයි