ලෝකයේ නැගී එන ආර්ථික බලවතුන්ගේ සමුළුව ලෙස සැලකෙන ‘බි‍්‍රක්ස්’ සමුළුව ඊයේ (28) දකුණු අපි‍්‍රකාවේ ඩර්බන් නුවරදී ආරම්භ විය.
‘බි‍්‍රක්්ස්’ සමුළුවට එක් වන්නේ බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අපි‍්‍රකාවයි. බි‍්‍රක්ස් යන ඉංගී‍්‍රසි වදන සැකැසී ඇත්තේ ද එම රටවල මුලකුරු එක් වීමෙනි.
බ‍්‍රසීල ජනපතිනී දිල්මා රූසෙෆ්, රුසියානු ජනාධිපති පුටින්, ඉන්දීය අගමැති මන්මෝහන් සිං, චීන නව ජනපති සී ජිංපිං සහ දකුණු අපි‍්‍රකා ජනාධිපති සූමා සමුළුවට එක් වූහ.
රටවල් එකිනෙක අතර ආර්ථික සබඳතා ශන්තිමත් කර ගැනීමත්, නව වෙළෙඳ අවස්ථා ඇති කර ගැනීමත් කෙරෙහිත් සාකච්ඡා පැවැත් වුණු අතර ලෝක බැංකුවට අභියෝගයක් කිරීම සම්බන්ධයෙන් ද බි‍්‍රක්ස් රාජ්‍ය නායකයෝ සාකච්ඡුා කළහ.
නව චීන ජනපති සී ජිංපිං සෙසු රාජ්‍ය නායකයන් හමුවූ පළමු අවස්ථාව වූයේ ද මෙයයි. සමුළුව අතරතුරේ ඉන්දීය අගමැති සහ චීනයේ නව ජනාධිපති අතර විශේෂ හමුවක් ද පැවැත්විණි.

බි‍්‍රක්ස් රාජ්‍ය නායකයෝ: ඉන්දීය අගමැති සිං, චීන ජනාධිපති සී ජිංපිං, දකුණු අපි‍්‍රකා ජනපති සූමා, බ‍්‍රසීල ජනපතිනී දිල්මා රූසොෆ් සහ රුසියානු ජනාධිපති පුටින්