
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත.
විමර්ශනය ආරම්භ වූයේ නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුවය. විමර්ශන කටයුතු මෙහෙයවීමට ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් පත් කර තිබේ.
ඇමෙරිකන් මාධ්‍ය මීට දින කීපයකට පෙර අනාවරණය කළේ බයිඩන්ට අයත් කාර්යාලයකින් රහස් ලියවිලි කීපයක් හමුවුණු බවය. ධවල මන්දිරය මෙන්ම බයිඩන්ගේ නීතීඥයන් පවා ඒ බව තහවුරු කළේය.
ඇමෙරිකන් මාධ්‍ය අද (13) අනාවරණය කළේ බයිඩන්ගේ ඩෙලවෙයාර් නිවසේ ගරාජයෙන් ද තවත් රහස් ලියවිලි තිබී හමුවුණු බවය. බයිඩන් නිවසේ විවේකීයව සිටිද්දී, වැඩිපුර කාලය ගත කරන්නේ ගරාජයේ යැයි ද පැවැසෙයි.
රහස් ලියවිලි සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව බයිඩන් පවසා තිබේ. එසේ වුවත් නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුවන විමර්ශනයට පූර්ණ සහාය ලබා දෙන බව ද බයිඩන් පැහැදිලි කර තිබේ.
බයිඩන් සන්තකයේ රහස් ලියවිලි තිබීම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කළ යුතු බව ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් ද පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
348
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1633
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන්ට එරෙහිව විමර්ශනයක්
vira Friday, 13 January 2023 10:24 AM
අපේ රටේ වගේ එහෙ නීතිය හැමෝටම එකයි නේද?