පළුදු වුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්විණි.
රාජ්‍ය නායකයන් දෙදෙනා පැය 4 ක් තිස්සේ සාකච්ඡා පැවැත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
චීන ජනාධිපති ෂි ජින්පින් ඇමෙරිකාවට පැමිණියේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ ඇරැයුමක් පිළිනිමින්, කැලිෆෝනියාවේ, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ආරම්භ වූ 21 වැනි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීමටය.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ද එම සමුළුවට සහභාගී වූ අතර, ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වූයේ කැලිෆෝනියාවේ වුඩ්සයිඩ් නුවර නිවාඩු නිකේතනයකදීය.
ඇමෙරිකාව සහ චීනය එකිනෙකාට පනවා ඇති වෙළෙඳ සම්බාධක සහ තීරුබදු ඉවත් කර ගැනීම සම්බන්ධයෙන්, තායිවානය මුල්කොට ගනිමින් ඇමෙරිකාව සහ චීනය අතර පවතින අර්බුදය සම්බන්ධයෙන්, ආසියානු කලාපයේ චීනයේ ආධිපත්‍යය සම්බන්ධයෙන් පමණක් නොව, ඊශ්‍රායල හමාස් ගැටුම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බයිඩන්-ජින්පින් පැය 4 ක් කතා කරලා
ravin Thursday, 16 November 2023 12:33 PM
මොන සාකච්චා කලත් එක්කෙනක් නම් හිතාගෙන ඉන්නේ එයා තමයි ලෝක පොලිස්කාරයා කියලා.හිතු හිතු දේවල් යටින් ගිහිල්ලා කරනවා.පස්සේ හොඳ මුහුණ පෙන්නනවා
Rata Perata Thursday, 16 November 2023 01:00 PM
තවම විමල් වගේ හැම මගුලම විදේශ කුමන්ත්‍රන කියල විශ්වස කරන අය ඉන්නව වගෙ. හීනමානය හැදුනම එහෙම වෙනව.