
පළුදු වුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්විණි.
රාජ්‍ය නායකයන් දෙදෙනා පැය 4 ක් තිස්සේ සාකච්ඡා පැවැත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
චීන ජනාධිපති ෂි ජින්පින් ඇමෙරිකාවට පැමිණියේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ ඇරැයුමක් පිළිනිමින්, කැලිෆෝනියාවේ, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ආරම්භ වූ 21 වැනි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීමටය.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ද එම සමුළුවට සහභාගී වූ අතර, ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වූයේ කැලිෆෝනියාවේ වුඩ්සයිඩ් නුවර නිවාඩු නිකේතනයකදීය.
ඇමෙරිකාව සහ චීනය එකිනෙකාට පනවා ඇති වෙළෙඳ සම්බාධක සහ තීරුබදු ඉවත් කර ගැනීම සම්බන්ධයෙන්, තායිවානය මුල්කොට ගනිමින් ඇමෙරිකාව සහ චීනය අතර පවතින අර්බුදය සම්බන්ධයෙන්, ආසියානු කලාපයේ චීනයේ ආධිපත්‍යය සම්බන්ධයෙන් පමණක් නොව, ඊශ්‍රායල හමාස් ගැටුම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සාකච්චා කලත් එක්කෙනක් නම් හිතාගෙන ඉන්නේ එයා තමයි ලෝක පොලිස්කාරයා කියලා.හිතු හිතු දේවල් යටින් ගිහිල්ලා කරනවා.පස්සේ හොඳ මුහුණ පෙන්නනවා
තවම විමල් වගේ හැම මගුලම විදේශ කුමන්ත්‍රන කියල විශ්වස කරන අය ඉන්නව වගෙ. හීනමානය හැදුනම එහෙම වෙනව.