ස්පෝක් කම්බි වලින් සවිය ලබන පාපැදි රෝද බි‍්‍රතාන්‍යය ජාතික නව නිර්මාණ කරුවෙකු විසින් නව යුගයට ගැළැපෙන ලෙස නවීකරණය කර ඇත.
ස්පෝක් කම්බි වෙනුවට විශේෂයෙන් සැදි කම්පන අවශෝෂක (ෂොක් ඇබ්සෝබර්) පාපැදි රෝද වලට සවිකර ඇති ඔහු දැන් වඩාත් සුවපහසුවෙනුත් වේගයෙනුත් පාපැදි ධාවනය සිදුකළ හැකි බව පවසයි.ඔහුට අනුව රෝදයට සවිකර ඇති කම්පන අවශෝෂක මගින් මාර්ගයේ ගැටිති මතින් ගමන් කිරීමේදී දැනෙන කම්පනයන් සාර්ථකව අවශෝෂණය කර ගැනීම සිදු කරයි.පාපැදියේ සිටින්නාට තමන් ‘‘සේද‘‘ අතුරා ඇති මාවතක යන්නාක් මෙන් දැනෙනු ඇති බව ඔහු පවසයි.
‘‘මට මේ අදහස ඇති වුයේ මීට හයකට විතර ඉස්සර.මම දැක්කා එක අම්මා කෙනෙක් තමන්ගේදරුවා හිටපු ළදරු කරත්තය පාරේ තිබ්බ ගැට්ටක් උඩින් තල්ලූ කරන්න හදනවා.ඒ කරද්දී කරත්තය ගැස්සිලා ගිහිල්ලා ළමයා අඩන්න ගත්තා.මේක දැකපු මට හිතුණේ ඇයි රෝද වලටත් කම්පන අවශෝෂක සවි කරන්නේ නැත්තේ කියලා. ගෙදර ගිය ගමන් සැලැස්මක් හැදුවා.පස්සේ අවුරුදු 4ක් පුරා පරීක්ෂණ කරලා අවසානයේ තමයි හරියට හදා ගත්තේ‘‘ යැයි පවසන්නේ සෑම් පියර්ස් (44)නම් මේ නව නිර්මාණකරුවාය.
විශේෂයෙන් සකස් කළ මේ පාපැදි රෝද දැන් වෙළදපොළටත් නිකුත් කර ඇත.ඉදිරියේදී මෝටර් රථ රෝද වලට පවා යොදාගත හැකි සේ මේ ක‍්‍රමය දියුණු කිරීමට බලාපොරොත්තු වන බව සෑම් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි අපේ පුවත් පත් කලාවට ගිහින් තියෙන කලක්. මෙහෙම දෙයක් වාර්තා කරනකොට නමක් ගමක්, නිෂ්පාදන නාමයක් සඳහන් කරන්න එපාද? ලජ්ජයි.
මම නම් හරිම කැමතියි. ලංකාවේ පාරවල් වලට ගැලපෙන පුදුම බයිසිකලේ. හුගක් වටිනවා. ලංකාවේ නිර්මාණකරුවාටත් මේවා හොද අත්දැකීම්. ඔබට බොහොම ස්තුතියි.(නදී)
ෂා! මාරු නිර්මාණයක්.මේ මනුස්සයාගේ උත්සාහය කොහොමද? මේ මිනිස්සුන්ට එහෙ අත දෙන්න පාලකයෝ පමණක් නෙමෙයි පුද්ගලික අංශයේ බැංකුත් තියනවා.මෙහෙ එහෙම ක්‍රමයක් කවදාවත් එන්නේ නැහැ.හේතුව මෙහෙ කවුරුත් දෙයක් කළොත් ලොකු අයට කොමිස් නැතිවෙනවා. (නි)
මෙය දකිනා අපේ කම්මැලි ඉරිසියාකාර පුරාජේරුකරුවන් මෙසේ කියනු ඇත "සුද්දෝ ඕව හදන්න කලින් අපේ රාවණට දඩු මොනරෙක් හිටියේ" (නි)
අර පොලිතින් වලින් පෙට්රෝල් ගන්න මැසිම හදපු ඉන්ජිනේරුව කෝ, පොල් කඩන මැසිම හදපු කොලුවා කෝ... දැන් කියන්න මේවා සුද්දෝ හදන්න කලින් රාවනා දඩුමොනරෙන් ගියා කියලා. මොකෝ මෙ රටේ ඉරිසියා කාරයෝ අන්න එහෙමයි. වැඩ නැහැ සද්දෙයි පුරාජෙරුවයි විතරයි.(නදී)
ලංකාවේ නව නිර්මාණ කරුවන්ගේ ප්‍රදර්ශනේ කියලා එකක් තියනවා. ඒකෙදි වෙන දේ කවුරු කවුරුත් දන්නවා ඇතිනේ (නි)
ලංකාවේ නව නිර්මාණකරුවනි, ඔබේ නිර්මාණය මේ රටේ පැත්ත පලාතේ ප්‍රදර්ශනේකටවත් නොතියා පිටරටම යන්න. මොකෝ මේ රටේ ඔබලාට අනාගතයක් නැහැ නොව.පිට ගියොත් වැඩක් වෙයි.මේ පාපැදිය අනර්ග නිර්මාණයක් බලන්න මොනතරම් විස්මිත ක්‍රියාවලියක්ද වෙන්නේ කියලා. (නි)
මේක ලංකාවේ වලවල් සහිත පාරවල් වලට හොදට ගැලපෙනවා.මම බයිසිකල් පදින කාලේ පස්ස පැත්තේ ගෙඩි දැම්මා තාම මතකයි. ඔබට බොහොම ස්තුතියි.නිව්ටන් ගුරුත්වේ හොයාගත්තේ ඇපල් ගෙඩියක් වැටෙනවා බලලා වගේ ඔබත් මේ නිර්මානේ කළේ කරත්තේ දිහා බලලයි කිවුවම මට පුදුම හිතුනා. (නි)
අදහසත් හොදයි. පින්තුරයත් පෙනෙන්න තිබේ , දැන් උවමනා වෙන්නේ මේක ලංකාවේ හදන කෙනෙක්. නැත්නම් මේක වෙළදපොලට ඇවිත් තිබුන කියලා වැඩක් වෙන්නේ නැහැනේ. මේක ගන්න ඉඩමක් විකුනනන්න වේවි.(නදී)
මෙන්න නියම වැඩක්. (ස)
ලංකාවේ වලවල් තියන පාරවල් නැහැ දැන් ...........? සේරම කාර්පට් හා කොන්ක්රිට් කරලා තියන්නේ !!(ස)
අපිට හුගක් වටින නිශ්පාදනයක්. ඇගත් හදාගෙන හිතත් හදා ගන්න පුළුවන්. (නි)
අපිට හුගක් වටින නිශ්පාදනයක්. ඇගත් හදාෙගන හිතත් හදා ගන්න පුළුවන්.(ස)
නියමයි, නියමයි.(නදී)
ලංකාවේ පාරවල් වලට මේක හොදට ගැලපෙනවා . (නි)