ලිබියාවේ බෙන්ගාසි නුවර ඊජිප්තු කොප්ටික් දේවස්ථානයකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් පෙරේදා (04) සිදුකළ වෙඩි තැබීම්වලින් කිතුනු පූජකයන් දෙදෙනකු ඇතුළු තවත් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ලිබියාවේ සුළුතරයක් වන කිතුනුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ එම කුරිරු ප‍්‍රහාරය තමන් තරයේ හෙලා දකින බව ලිබියානු රජය නිවේදනය කරයි.
මීට පෙර ඉකුත් දෙසැම්බර් මාසයේදී ද මිස්රාටා නුවර කිතුනු පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය. එහිදී පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
අරාබි වසන්තය නමැති ජනතා නැගී සිටීම හරහා ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනය අවසන් කිරීමට ආයුධ අතට ගත් ඇතැම් කැරැලිකරුවන් එම ආයුධ බිම තැබීම ප‍්‍රතික්ෂේ කර ඇත. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ එවැනි කණ්ඩායම්ය. ඔවුන් වත්මන් ලිබියානු රජයට අභියෝගයක් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය වැඩි වූ විට වන්නේ මෙයයි. (නි)
මේ කැරලි කරුවන්ට ආයුද දුන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් නේද. ත්‍රස්තවාදය බිහිකරන ඇමරිකාවට හොඳ පාඩමක්. (අ)