මරණයෙන් පසු අල්කයිඩා නායක බින්ලාඩන්ගේ සිරුරට සිදුවුයේ කුමක්ද දැයි මෙතෙක් කල් විවිධ ආරංචි ප‍්‍රසිද්ධියට පත්විය.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත අනුව ඇසෝසියේටඞ් ප්‍රෙස් ප‍්‍රවෘත්ති ආයතනය එම තොරතුරු ලබා ගත හැකිවිය. ඇමෙරිකා හමුදා අතර හුවමාරුවූ විද්යුත් ලිපි (ඊමේල්) ප‍්‍රසිද්ධියට පත්විය. ඒ අනුව බින් ලාඩන්ට ඉස්ලාමිය ආගමානුකුල ගෞරවනීය භුමදානයක් දුන් බව එම ලිපි කියයි.
2011 මැයි මස 1 වෙනි දින පකිස්තානයේ අබෝටහාඞ් හිදි ඇමෙරිකා නාවික හමුදා විශේෂ භට කණ්ඩායමක් විසින් සිදුකැරුණු මෙහෙයුමකින් බිල්ලාඩන් ඔහු සිටි නිවසේදීම වෙඩි වැදී මරුමුවට පත්විය. මෙම සිදුවීම සජීවිව ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ඇතුළු රජයේ උසස් නිලධරයෝ ඔහුගේ නිල කාමරයේ සිට බලා සිටියහ.
රහස්‍ය යනුවෙන් සඳහන් කොට 2011 මැයි 2 වැනි දින යවා ඇති දැනට එළිවී ඇති ඊමේල් ලිපියක සඳහන්ව ඇත්තේ බින්ලඩාන් ගේ සිරුර ආගමානුකූලව සෝදා පිරිසිදුකර සුදු වස්ත‍්‍රයකින් ඔතා කිසියම් බරක් යෙදු මල්ලක තැන්පත්කර මුහුද මැදට අත්හල බවයි.
කලින් පිළියෙල කැරුණු පාඨයක්, අරාබි භාෂාවෙන් කියවන ලද බවත් මෙම අවස්ථාව වෙනත් කිසිවකු නොදුටු බවත් ඡායාරූප හෝ වීඩියෝ රූප නොගත් බවත් එහි දක්වා ඇත. බින්ලාඩන්ගේ භූමදානය සිදුකර ඇත්තේ කාල් විල්සන් නම් වූ සුවිසාල යුදනැවේදීය. ඊට සම්බන්ධවූ දෙතුන් දෙනා හැර අනෙකුත් නැවියන් කිසිවකුට එය දැකගැනීමට ලැබී නැත. පසුගියදා පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයට දින කිහිපයකට කලින් බින් ලාඩන් මරාදැමීම අලලා නිෂ්පාදනය කැරුණු වෘත්තාන්ත චිත‍්‍රපටයත් ඇමෙරිකානු රූපවාහිනි නාලිකාවලින් විකාශනය විය.
එමගින් බරක් ඔබාමාට අසාධාරණය වාසියක් ලැබුන බව ඔහුගේ විරුද්ධවාදිහු චෝදනා කළහ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔසාම වැරදිම නෑ , ඔහුව ඔය තත්වෙට පත්කල අයටයි දඩුවම් කල යුත්තේ (ස)
මධූගේ ගෙදර මරණයක් සිද්ධ වුනොත් මෝරුන්ටද කන්න දාන්නේ? (නි)
මමත් හදලා දෙන්නද ඔය වගේ ඊ මේල් පණිවුඩයක්? ඇමරිකාව ලාඩන් එක්ක තිබ්බ තරහේ හැටියට මම නම් කවදාවත් ඕක විශ්වාස කරන්නේ නැහැ. (නි)
අනේ මටනම් තේරෙන්නෑ මේවා (ස)
අපිට මොකද
අපිට මොකද මොනවා කලාම
මට නම් වැඩක් නැහැ (දී)
වරදක් කළා නම් ඊට නිසි දඩුවම දෙන්න ඕනේ කියල තමයි මම හිතන්නේ
හරි ශෝක්නෙ
මුළු ලෝකයම සෙලවූ මිනිසා ස්වර්ගයට යයි (ස)
ඒක හොද වැඩක්
ඔය තරම් බය තිබුණොත් ඇති. (නි)
එහෙමද ?? නැත්නම් මොරුන්ට දානයක් දුන්නද ?? (ස)
ඇත්තයි. ඒත් පුදුමයි. (නි)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
කළා නම් හොදයි
අපිට මොකද
ෂුවර්ද
අයියෝ සල්ලි කවුද දන්නේ
කාට මොනවා කියන්න බැරිද