පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමුණේ ඔහුගේ හිසට වෙඩි තැබීමෙන් යැයි එම මෙහෙයුමට සම්බන්ධ ඇමෙරිකා හමුදාවේ නේවි සීල් භට කණ්ඩායමට අයත් එක් සෙබළකු ලියූ ‘නෝ ඊසි වේ’ නමැති කෘතියේ සදහන් වෙයි. අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා 2011 වසරේ දී කළ ඝාතන මෙහෙයුමේ සවිස්තරාත්මක විස්තර මෙම කෘතියට ඇතුළත් වන අතර එය ලබන 4 වැනිදා එළිදැක්වීමට නියමිතය. කෘතිය රචනා කර ඇත්තේ බින්ලාඩන් ඝාතන මෙහෙයුමට සම්බන්ධ වී, මේ වනවිට හමුදාවෙන් විශ‍්‍රාම ගොස් සිටින නේවි සීල් භටයෙකි. මාක් ඕවන් යන නමින් ඔහු මෙම කෘතිය රචනා කර ඇත්තේ ඇමෙරිකා මාධ්‍යවේදියකු වන කෙවින් මොරර් සමඟ ද හවුල් වෙමිනි. අනන්‍යතාව හෙළි නොකරන එම සෙබළා පවසන්නේ බින් ලාඩන් මෙහෙයුම ගැන නොයෙක් දෙනා නොයෙක් විධියේ කතා පතුරුවන බවත් ඒ ගැන සැබෑ තොරතුරු ලොවට හෙළි කිරීමට තමා බලාපොරොත්තු වන බවත්ය. බින් ලාඩන් ඝාතන මෙහෙයුම ඇසුරින් ‘සීරෝ ඩාක් තර්ටි’ නමින් ත‍්‍රාසජනක කි‍්‍රයාදාම හොලිවුඞ් චිත‍්‍රපටයක් ද නිර්මාණය වී ඇති අතර එය මේ වසරේ දෙසැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අතකට මරලා මුහුදට දාපු එක හොදයි කරලා තියෙන දේවල් වල හැටියට..!!(නු)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
බලාගෙන. සෙබළත් අමාරුවේ වැටෙන්න පුලුවන්. (නි)
ඇමෙරිකාව ලෝක ත්‍රස්තවාදය ගෙනෙන්න මුල් වුණත් දැන් ඒකේ පළවිපාක විදිනවා. (නි)
රිෂාඩ්ට පිස්සු. (නි)
මරුනේ. මම හිටියා නම් තව දේවල් කරනවා. (නි)
මේක නිසා නේටෝ හමුදාව ඉල්ලන් කනවා..(ස)
බින් ලාඩන් කියෙන්නේ අහිංසක ඉංජිනේරුවෙක්. ඔහුව ත්‍රස්තවාදියෙක් කළේ ඇමෙරිකාවයි. අපි මුස්ලිම්වරුන් වශයෙන් සාමයෙන් ජීවත් වෙන්න කැමතියි. (නි)
දැන් ඉතින් වැඩක් නැහැ මැරිලා ඉවරයි නේ (දී)
කොහොම වූණත් දැන් මැරිලා ඉවරයි.
ප්‍රභාකරන්ට වුණෙත් මේ ටිකම තමයි (අ)
මෙයා ඉන්නකම්ම හොද වැඩනම් කළේ නැහැ..!!(නු)
රිෂාඩ් බින් ලාඩන්ගේ අහින්සකකම ගැන කතා කරන්න තමුන්ට ලැජ්ජා නැද්ද?(නු)
ඇමෙරිකාව තමයි ලෝක ත්‍රස්තවාදය ඇති කළේ. (නි)