IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


බින් ලාඩන් පොතට එරෙහිව ඇමෙරිකන් රජය නඩු මඟට

අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණු හැටි සහ එම ඝාතන මෙහෙයුම සම්බන්ධයෙන් එම මෙහෙයුමට සම්බන්ධ වුණු ඇමෙරිකා හමුදාවේ නේවි සීල් භට කණ්ඩායමට අයත් එක් සෙබළකු ලියූ ‘නෝ ඊසි වේ’ නමැති කෘතියට එරෙහිව නීති මගින් කි‍්‍රයා කිරීමට ඇමෙරිකන් රජය සූදානම් වේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ එම පොත එළිදැක්වීමෙන් සහ එම පොතෙහි අඩංගු කරුණු ලොවට හෙළි කිරීමෙන් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවය. අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා 2011 වසරේ දී කළ ඝාතන මෙහෙයුමේ සවිස්තරාත්මක විස්තර ඇතුළත් මෙම කෘතියට ඇතුළත් වන අතර එය ලබන 4 වැනිදා එළිදැක්වීමට නියමිතය. පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමුණේ ඔහුගේ හිසට වෙඩි තැබීමෙන් යැයි ‘නෝ ඊසි වේ’ නමැති එම කෘතියට ඇතුළත් වෙයි. කෘතිය රචනා කර ඇත්තේ එම මෙහෙයුමට සම්බන්ධ වී, මේ වනවිට හමුදාවෙන් විශ‍්‍රාම ගොස් සිටින නේවි සීල් භටයෙකි. මාක්  ඕවන් යන නමින් ඔහු මෙම කෘතිය රචනා කර ඇත්තේ ඇමෙරිකා මාධ්‍යවේදියකු වන කෙවින් මොරර් සමඟ ද හවුල් වෙමිනි. කෙසේ නමුත් ඇමෙරිකාවේ ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය පවසන්නේ ‘නෝ ඊසි වේ’ කෘතිය හරහා ජනපති බැරැක් ඔමාබා මැතිවරණ වාසි ලබා ගැනීමට උත්සහ ගන්නා බවටය. ඇමෙරිකා ජනාධිපතිවරණය ලබන නොවැම්බරයේදී පැවැත්වෙයි. මීට අමකරව බින් ලාඩන් ඝාතන මෙහෙයුම ඇසුරින් ‘සීරෝ ඩාක් තර්ටි’ නමින් ත‍්‍රාසජනක කි‍්‍රයාදාම හොලිවුඞ් චිත‍්‍රපටයක් ද නිර්මාණය වී ඇති අතර එය මේ වසරේ දෙසැම්බරයේ දී තිරගත වීමට නියමිතය. මෙම චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ සම්මානනීය අධ්‍යක්ෂිකා කැතරින් බිගලෝව් විසිනි.



අදහස් (0)

බින් ලාඩන් පොතට එරෙහිව ඇමෙරිකන් රජය නඩු මඟට

කපිල Monday, 03 September 2012 10:12 AM

ඔන්න ප්‍රභාකරන් ගැන පොත් වලට දානවනම් නඩු, අපේ අයටත් පොටක් (ස)

:       0       0

ජගත් Monday, 03 September 2012 10:57 AM

මේ වැඩේ නම් එච්චර ‍හොද නැහැ. (නි)

:       0       0

රාජා Monday, 03 September 2012 06:36 PM

ඇමරිකාවට ත්‍රස්තවාදීන් මරන්න පුලුවන්. අපි මැරුවහම තමයි යුද අපරාද වෙන්නෙ. (නි)

:       0       0

සේනානායක Monday, 03 September 2012 01:00 PM

ඔහොම කරන්නේ ඇමෙරිකාවේ පැටිකිරිය ලෝකයට හෙළිවෙයි කියන බයට. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 03 September 2012 11:11 PM

නඩු කෙසේ‍ වෙතත් ඊට කලින් මෙයා අතුරුදහන් වෙයිද දන්නේ නෑ...(ස)

:       0       0

සුපුන් ඉසන්ක Friday, 07 September 2012 09:29 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1834 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1481 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site