අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා ඔහු ඝාතනය කිරීමට ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයට තොරතුරු දුන් බවට චෝදනා ලැබ සිටි පාකිස්තාන ශල්‍ය වෛද්‍ය ෂකීඞ් අෆ්රිඩිට කයිබර් ප‍්‍රාන්ත ගෝති‍්‍රක අධිකරණයක් මගින් පෙරේදා (23) වසර 33 ක සිර දඬුවමක් හිමිවිය. පාකිස්තානයට අයත් ගෝත‍්‍රික ප‍්‍රදේශයක් වන කයිබර් ප‍්‍රාන්තයේ පවතින නීතියට අනුව ඇෆ්රිඩිට එම දඬුවම පනවන ලද්දේ රාජද්‍රෝහී චෝදනාව මතය. ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයට තොරතුරු ලබා දීමෙන් ඔහු රජයට ද්‍රෝහි වූ බව අධිකරණය තීන්දු කළේය. පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර සැඟවී සිටි බින් ලාඩන් හඳුනා ගැනීමට ඔහුගේ ඞී.එන්.ඒ. වාර්තා ශල්‍ය වෛද්‍ය ෂකීඞ් ඇෆ්රිඩි විසින් ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානයට ලබා දුන් බව ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා ද මීට පෙර අවස්ථා කිහිපයකදී පවසා තිබුණි. කෙසේ නමුත් ඇෆ්රිඩි රාජද්‍රෝහියකු නොවන බව ද පැනේටා අවධාරණය කළේය. ඇෆ්රිඩි, තලේබාන් සහ අල් කයිඩා සංවිධානවල බලකොටුවක් ලෙස ද සැලකෙන කයිබර් ප‍්‍රාන්තයේ වසර ගණනක සිට ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබේ. සිර දඬුවමට අමතරව ඔහුට දඬ මුදලක් ද නියම කෙරුණි. ප‍්‍රාන්තයේ පවතින ගෝති‍්‍රක නීතිය අනුව ඔහුට නීතීඥ සහාය ලබා ගැනීම තහනම් වී තිබුණි. ඔහු අධිකරණයට නොපමුණුවන ලද අතර නිදහසට කරුණු දැක්වීමට ද අවස්ථාවක් නොලැබිණි. අධිකරණයේ තීන්දුව අනුව ඔහු පෙෂවෝර් නුවර බන්ධනාගාරයකට ගෙන ගිය බව ද වාර්තා වේ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බින් ලාඩන් වැරදි බව කවුරුත් දන්නවා.නමුත් රට ජාතිය පාවා දුන් මේ කෙනොට දුන් මේ දඩුවම හොදටම මදි