අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා ඔහු ඝාතනය කිරීමට ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයට තොරතුරු දුන් බවට චෝදනා ලැබ සිටි පාකිස්තාන ශල්‍ය වෛද්‍ය ෂකීඞ් අෆ්රිඩිට කයිබර් ප‍්‍රාන්ත ගෝති‍්‍රක අධිකරණයක් මගින් පෙරේදා (23) වසර 33 ක සිර දඬුවමක් හිමිවිය. පාකිස්තානයට අයත් ගෝත‍්‍රික ප‍්‍රදේශයක් වන කයිබර් ප‍්‍රාන්තයේ පවතින නීතියට අනුව ඇෆ්රිඩිට එම දඬුවම පනවන ලද්දේ රාජද්‍රෝහී චෝදනාව මතය. ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයට තොරතුරු ලබා දීමෙන් ඔහු රජයට ද්‍රෝහි වූ බව අධිකරණය තීන්දු කළේය. පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර සැඟවී සිටි බින් ලාඩන් හඳුනා ගැනීමට ඔහුගේ ඞී.එන්.ඒ. වාර්තා ශල්‍ය වෛද්‍ය ෂකීඞ් ඇෆ්රිඩි විසින් ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානයට ලබා දුන් බව ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා ද මීට පෙර අවස්ථා කිහිපයකදී පවසා තිබුණි. කෙසේ නමුත් ඇෆ්රිඩි රාජද්‍රෝහියකු නොවන බව ද පැනේටා අවධාරණය කළේය. ඇෆ්රිඩි, තලේබාන් සහ අල් කයිඩා සංවිධානවල බලකොටුවක් ලෙස ද සැලකෙන කයිබර් ප‍්‍රාන්තයේ වසර ගණනක සිට ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබේ. සිර දඬුවමට අමතරව ඔහුට දඬ මුදලක් ද නියම කෙරුණි. ප‍්‍රාන්තයේ පවතින ගෝති‍්‍රක නීතිය අනුව ඔහුට නීතීඥ සහාය ලබා ගැනීම තහනම් වී තිබුණි. ඔහු අධිකරණයට නොපමුණුවන ලද අතර නිදහසට කරුණු දැක්වීමට ද අවස්ථාවක් නොලැබිණි. අධිකරණයේ තීන්දුව අනුව ඔහු පෙෂවෝර් නුවර බන්ධනාගාරයකට ගෙන ගිය බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බින් ලාඩන් අල්ලන්න ඔත්තු දුන් වෛද්‍යවරයා වසර 33 ක් හිරේට
උපුල් Saturday, 26 May 2012 10:26 PM
බින් ලාඩන් වැරදි බව කවුරුත් දන්නවා.නමුත් රට ජාතිය පාවා දුන් මේ කෙනොට දුන් මේ දඩුවම හොදටම මදි