IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බින් ලාඩන් අල්ලන්න ඔත්තු දුන් දොස්තර හිරේ දැම්මාට ඇමෙරිකාවෙන් දොස්

අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා ගැනීමට ඇමෙරිකාවට සහාය දුන් පාකිස්තාන වෛද්‍යවරයාට, එරට කයිබර් ප‍්‍රාන්තයේ අධිකරණයක් මගින් 33 වසරක සිරදඬුවම් නියම කිරීම ඇමෙරිකාවේ දැඩි දෝෂ දර්ශනයට හේතුවී ඇත. අධිකරණ තීන්දුව හේතුවෙන් බිඳ වැටී ඇති ඇමෙරිකා/පාකිස්තාන සබඳතා තවත් අවුල් සහගත වීමේ අවදානමක් ද හට ගෙන තිබේ. අධිකරණ තීන්දුව ගැන මවිතය පළ කරන ඇමෙරිකා සෙනෙට් මන්තී‍්‍රවරුන් ඊයේ (25) කියා සිටියේ ඇමෙරිකා රජයෙන් පාකිස්තානයට ලබා දෙන ඇමෙරිකන් ඩොලර් කෝටි ගණනක මුදල් ආධාර නැවැත්වීමට වහාම පියවර ගත යුතුයි කියාය. ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ කයිබර් ගෝති‍්‍රක අධිකරණය වෛද්‍ය ෂකීඞ් අෆ්රෙඩිට එරෙහිව දුන් තීන්දුව අයුක්තිසහගත බවය. ‘‘-කයිබර් අධිකරණ තීන්දුව අප කිසිසේත් අනුමත කරන්නේ නැහැ. එය ඉතා අසාධාරණ, අත්තනෝමතික තීන්දුවක්” යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය වැඩි දුරටත් කියා සිටියාය. කයිබර් ප‍්‍රාන්ත, පාකිස්තානයට අයත් ගෝත‍්‍රික ප‍්‍රදේශයක් වන අතර එහි පවතින නීතියට අනුව, අෆ්රෙඩිට සිර දඬුවම් පනවන ලද්දේ රාජද්‍රෝහී චෝදනාව මතය. ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයට තොරතුරු ලබා දීමෙන් ඔහු රජයට ද්‍රෝහි වූ බව අධිකරණය පෙරේදා (24) තීන්දු කළේය. පාකිස්තානයේ සැඟවී සිටි බින් ලාඩන් හඳුනා ගැනීමට ඔහුගේ ඞී.එන්.ඒ. වාර්තා අෆ්රෙඩි විසින් ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානයට ලබා දී ඇත. තලේබාන් සහ අල් කයිඩා සංවිධානවල බලකොටුවක් ලෙස  ද සැලකෙන කයිබර් ප‍්‍රාන්තයේ ෂකීඞ් අෆ්‍රෙඩි වසර ගණනක සිට ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කර කළේය. සිර දඬුවමට අමතරව ඔහුට දඬ මුදලක් ද නියම කෙරුණි. ප‍්‍රාන්තයේ පවතින ගෝති‍්‍රක නීතිය අනුව ඔහුට නීතීඥ සහාය ලබා ගැනීම තහනම් වී තිබුණි. ඔහු අධිකරණයට නොපමුණුවන ලද අතර නිදහසට කරුණු දැක්වීමට ද අවස්ථාවක් නොලැබිණි. මේ වනිවිට ඔහු පෙෂවෝර් නුවර බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින බව වාර්තා වේ. ඔසාමා බින් ලාඩන් පාකිස්තානයේ සැඟවී සිටි බව පාකිස්තාන රජයට හෝ එරට බුද්ධි අංශය හෝ දැන සිටියේ නැත. ඔවුන් ඒ බව දැනගත්තේ ඇමෙරිකන් හමුදා පාකිස්තානයට හොරෙන් පැමිණ බින් ලාඩන් මරා දැමූ අවස්ථාවේදීය. ඇමෙරිකාව තමන් හෑල්ලූවට ලක් කරමින් බින් ලාඩන් ඝාතනය කිරීම ගැන පාකිස්තාන රජයේත් බුද්ධි අංශයේත් හමුදාවේත් නොසතුට පළ විය. අෆ්රෙඩිට එරෙහිව නීති මගින් කටයුතු කළේ ද එහි ප‍්‍රතිඵලයක් වශයෙන් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. බින් ලාඩන් ඝාතන සිද්ධියෙන් පළුඳු වූ ඇමෙරිකා/පාකිස්තාන ඇයි හොඳයිකම් තවත් අවුල් වූයේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ඇමෙරිකා ගුවන් ප‍්‍රහාරයකින් පාකිස්තාන සෙබළුන් 24 දෙනකු මියයෑමේ සිද්ධිය නිිසාය. වෛද්‍යවරයාට සිර දඬුවම් නියම කරීම  පාකිස්තානන පුවත්පත් වාර්තා කර තිබූ අයුරු



අදහස් (0)

බින් ලාඩන් අල්ලන්න ඔත්තු දුන් දොස්තර හිරේ දැම්මාට ඇමෙරිකාවෙන් දොස්

අලිබබා Saturday, 26 May 2012 05:44 PM

වැඩේ ටිකටික පත්තුවෙන්න වගෙයි යන්නේ.

:       0       0

කිරිමාටින් Monday, 28 May 2012 10:43 AM

මෙන්න නියම දේශානුරාගී නීතිය...ලංකාවෙ උනානම් ඇමරිකා තානාපතිකම වගේ දෙයක් ගන්න තිබුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site