IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බටහිර විරෝධය මැද නොබැඳි රාජ්‍ය නායක සමුළුව ඇරැඹෙයි

බටහිර රටවලත් ඇමෙරිකාවේත් ඊශ‍්‍රායලයේත් විරෝධය මැද නොබැඳි ජාතීන්ගේ 16 වැනි රාජ්‍ය නායක සමුළුව ඊයේ (30) ආරම්භ විය. ගෝලීය අර්බුද ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් සෙවීමට සමුළුවට සහභාගී වන නොබැඳි රාජ්‍ය නායකයෝ අපේක්ෂා කරති. සාකච්ඡාවට බඳුන් වන එම කරුණු අතර, සිරියානු අර්බුදය, ඊශ‍්‍රායල/පලස්තීන අර්බුදය සහ ඉරානයේ ආන්දෝලනාත්මක න්‍යෂ්ටික වැඩසටහන කැපී පෙනෙයි. ලෝකයේ බලවත් රටවලට ගැති නොවී, අධිරාජ්‍යවාදය, යටත්විජිතවාදය, නව යටත් විජිතවාදය, වර්ගවාදය පිටුදකිමින් ස්වාධීන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින්, තම රටවල  ජාතික නිදහස, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීම නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අරමුණ වේ. බටහිර රටවල විරෝධය හමුවේ සාමාජික රටවල් 36 ක රාජ්‍ය නායකයන් ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණ බව විදෙස් පුවත් සේවා පැවැසීය. කෙසේ නමුත් ඉරාන රජය කියා සිටියේ රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් 51 දෙනකු සමුළුවට සහභාගී වීමට පැමිණි බවය. ඉන්දියාව, ශ්‍රී ලංකාව, කියුබාව, උතුරු කොරියාව, සිරියාව, සිම්බාබ්වේ යන රටවල රාජ්‍ය නායකයෝ ද නියෝජිතයෝ ද ඒ අතර සිටිති. නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සභාපති ධුරය ඊජිප්තුව නව ජනපති මොහොමඞ් මොර්සිට හිමිවීම මෙවර සමුළුවේ වැදගත් සිදුවීමක් වෙයි. 2009 වසරේ සිට මේ දක්වා නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සභාපතිත්වය හෙබවූයේ ඉරානයයි. සමුළුව ඉරානයේ පැවැත්වෙන්නේ ද එහෙයිනි. සංවිධානයේ සභාපතිත්වය මීළඟට හිමි වන්නේ ඊජිප්තු නව ජනපති මොහොමඞ් මොර්සිටය. ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වී වසර 30 කට පසු ඊජිප්තු ජනපතිවරයකු ඉරානයට පැමිණෙන ප‍්‍රථම අවස්ථාව වන්නේ ද මෙයයි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් 2/3 ක් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසු ලෝකයේ දෙවැනි විශාලතම ජාත්‍යන්තර සංවිධානය වන්නේ ද මෙයයි. මෙහි සාමාජික රටවල් ගණන 120 කි. නොබැඳි සමුළුව ඉරානයේදී ඇරැඹුණේ පසුගිය 26 වැනිදාය. ඊයේත් අද (31) දිනයේත් පැවැත්වෙන්නේ එහි රාජ්‍ය නායක සමුළුවය. නොබැඳි සමුළුව ඇරැඹුණු අවස්ථාවේ සිටම ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සහ ඊශ‍්‍රායලය ඊට විරෝධය පළ කළේ ඉරානයේ ‘අර්බුදකාරී න්‍යෂ්ටික වැඩසටහන’ නිසාය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් චෝදනා කරන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී, පරමාණු බෝම්බ හදන බවය. ඉරානය, ලෝකයේ ත‍්‍රස්තවාදය පතුරුවන බවත් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලෝක සාමයට තර්ජනයක් බවත් ඊශ‍්‍රායලය චෝදනා කරයි. ඇමෙරිකාවේ රූකඩයක් යැයි ඉරානය විසින් හඳුන්වනු ලබන ඊශ‍්‍රායලය පවසන්නේ ඉරානය ‘මට්ටු කිරීමට’ නම් ඊට හමුදා ප‍්‍රහාරයක් එල්ල කළ යුතු බවය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමින් ඉරානයට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද කටයුතු කර ඇත. නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඉරානයේ පැවැත්වීමට තීරණය කළ අවස්ථාවේ සිටම බටහිර රටවලින් සහ ඊශ‍්‍රායලයෙන් ඊට විරෝධයක් එල්ල වූ අතරම ඔවුන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට සහ සෙසු රටවල නායකයන්ට බලපෑම් කරන්න වූයේ සමුළුවට සහභාගී වීමෙන් වලකින ලෙසටය. එම විරෝධය නොතකා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙරේදා (29* ඉරානයේ තෙහෙරාන් නුවරට පැමිණියේය. ඔහු ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් සහ ඉරාන ආධ්‍යාත්මික නායක අයිතුල්ලා කුමේනී හමුවී සාකච්ඡාවක් ද පැවැත්වීය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් මෙන්ම ඉරානයේ රාජ්‍ය තාන්ති‍්‍රක කටයුතු ගැන ද මෙහිදී අවධානයට ලක් වූ බව ඉරාන පුවත් සේවා පවසයි. නොබැඳි සමුළුව හරහා කලාපීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ඉරානයට ඔවුන්ගේ ප‍්‍රතිරූපය වෙනස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් විශ්වාස කරයි. සිරියානු අර්බුදයට ඉරානය මැදිහත් වී විසඳුම් සොයනවාට බටහිර රටවල් විරෝධය දක්වයි. ඉරානය චෝදනා කරන්නේ සිරියා අර්බුදය පසුපස සිටින්නේ ඇමෙරිකාව, තුර්කිය, සෞදි අරාබිය සහ කටාර් යන රාජ්‍ය බවය. මෙම රටවල් එක් වී සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට සැරසෙන්නේ ඔවුන්ට පක්ෂපාතී රජයක් පිහිටුවාගෙන සිරියාවේ තෙල් සම්පත කොල්ලකෑමට යැයි ද ඉරානය චෝදනා කරයි. එම රටවල් එක් වී අවි ආයුධ දෙමින් සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකරුවන් ශක්තිමත් කරන බවට ද ඉරානය කියා සිටී. රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙද්දී ආරක්ෂක අංශ නිලධාරීන් පිරිවරාගෙන ඊජිප්තු ජනපති මොර්සි තෙහෙරාන් නුවරට පැමිණි අවස්ථාව ඉන්දීය අගමැති මන්මෝහන් සිං (මැද) සමුළුවට පෙර, ඉරාන ජනපති අහමදිනෙජාද් සහ ඉරාන අධ්‍යාත්මික නායක අල් කුමේනී හමුවෙමින්...



අදහස් (0)

බටහිර විරෝධය මැද නොබැඳි රාජ්‍ය නායක සමුළුව ඇරැඹෙයි

අමිල කටුනායක Friday, 31 August 2012 09:43 AM

ඉරානය ගැන ඇති යථාර්තය ලොවට හෙළි කිරීමට මෙම සමුළුව කැඩපතක් වේවා! (නි)

:       0       0

මධුසංඛ Friday, 31 August 2012 09:44 PM

ඉරානය වගේ රටවල් සිටින එක ලෝකයටම සවියක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 707 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17891 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site