IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බටහිර ඉවුරේ ඊශ‍්‍රායල පලස්තීන ගැටුම් ඇවිලේ

ඊශ‍්‍රායල හමුදා සෙබළුන් සහ පලස්තීන වැසියන් අතර ඊයේ (3) බටහිර ඉවුරේ හටගත් දරුණු ගැටුමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.
තුවාල ලැබූවේ පලස්තීන වැසියන්ය. ගැටුම හට ගත්තේ ඊශ‍්‍රායල සෙබළුන් පලස්තීන තරුණයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගනිද්දීය.
බටහිර ඉවුර යනු පලස්තීන පාලන ප‍්‍රදේශයකි. ඊශ‍්‍රායල හමුදා හමාස් සටන්කාමීන් සොයා එම වැටැලීම කළේ එළවළු වෙළෙන්ඳන් ලෙස වෙස්වලා ගෙනය. වැටැලීම සිදුවුණේ බටහිර ඉවුරේ උතුරින් පිහිටි ප‍්‍රදේශයකය.
ඊශ‍්‍රායල හමුදා බටහිර ඉවුරේ මේ අයුරින් වැටැලීම් සිදු කරන්නේ පලස්තීන රජයේත් එරට ආරක්ෂක අංශවලත් සහාය ඇතිවය. එහෙත් ඊයේ සිදුකළ එම වැටැලීම පලස්තීන රජයට හෝ ආරක්ෂක අංශවලට හෝ දැනුම් දී නොතිබුණි.
පලස්තීනය යනු සරණාගත රාජ්‍යයකි. පලස්තීනුවන් ජීවත් වන්නේ ගාසා තීරය යනුවෙන් හැඳින්වෙන කුඩා බිම් තීරුවේ සහ බටහිර ඉවුරේය.
ගාසා තීරය හමාස් පාලනයට යටත් වන අතර පලස්තීන අගමැති මොහොමඞ් අබ්බාස් ප‍්‍රමුඛ ෆාටා සංවිධානය විසින් පාලනය කරනු ලබන්නේ බටහිර ඉවුරය.



අදහස් (0)

බටහිර ඉවුරේ ඊශ‍්‍රායල පලස්තීන ගැටුම් ඇවිලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site