කාටූන් පට වල බැට්මෑන් යනු මනඃකල්පිත චරිතයක් වුවත් සැබෑ ජීවිතයේදී බැට් මෑන් ආදර්ශයට ගෙන සොරුන් අල්වා බළධාරීන්ට භාරදීමට කටයුතු කරනා ‘‘සජීවී‘‘ බැට්මෑන් කෙනෙකු ගැන වාර්තා වන්නේ බි්‍රතාන්‍යයෙනි.පසුගිය දිනෙක පුද්ගලයෙක් බෙල්ලෙන් අල්ලාගෙන ප්‍රදේශයේ පොලිස් සථානය වෙත පැමිණි ‘‘බැට් මෑන්‘‘ මවිතයට පත්ව බලා සිටි පොලිස් නිළධාරීන්ට කිසිත් සිතාගැනීමට ඉඩ නොතබාම ‘‘බැට් මෑන්‘‘ පොලිස් ස්ථානයෙන් අතුරුදන් විය.

පොලිස් ස්ථානයේ ආරක්ෂක කැමරා වල සටහන් වී තිබූ මේ සිදුවීම ආශ්‍රයෙන් ප්‍රාදේශීය ප්‍රවෘත්ති සේවාව ඉදිරිපත් කළ වැඩසටහනක් දුටු ස්ටෑන් වර්බි නම් චීන අවන්හලක සේවය කරනා පුද්ගලයෙකු‘‘බැට් මෑන්‘‘ යනු තමා බව පිළිගෙන තිබේ.තමා අල්ලා  දුන්නේ පොලිසිය කාලයක් තිස්සේ සොයමින් සිටි පුද්ගලයෙකු බව ඔහු පවසා ඇත.මේ බව පොලිසියද තහවුරු කර තිබේ.කෙසේ වෙතත් ස්ටෑන්ගේ මේ අපූරු උත්සාහය විහිළුවක් ලෙස දකින පුද්ගලයෝ ද වෙති. තරබාරු ස්ටෑන් බැට් මෑන් මෙන් කෙසේ නම්‍යශීලී හා වේගවත් වන්නේදැයි ඔවුහු අසති.