නවදිල්ලි නුවර බස්රියකදී සමූහ දුෂණයකට ලක් වූ 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව මියයෑමේ සිද්ධියත්, රටේ කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට රජය අපොහොත් වී ඇතැයි ජනතා විරෝධයක් එල්ල වීමත් සමඟ ඉන්දියාවේ බෙංගාල ප‍්‍රාන්තයේ කාන්තා පොලිස් ස්ථාන 65 ක් පිහිටුවීමට ප‍්‍රාන්ත මහ ඇමැතිනී මම්තා බෙනර්ජී තීරණය කර ඇත.
බෙංගාල ප‍්‍රාන්තයේ කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ, ලිංගික අඩන්තේට්ටම් පිටුදැකීමේත් හිංසනයට ලක් වන කාන්තාවන් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය කි‍්‍රයාත්මක කිරීමේත් අරමුණින් එම පොලිස් ස්ථාන පිහිටුවීමට තමන් තීරණය කළේ යැයි ප‍්‍රාන්ත මහ ඇමැතිනිය මෙන්ම කලක් සන්ධාන රජයේ හවුල්කාර පක්ෂයක් ව සිටි ති‍්‍රණමූල් පක්ෂයේ නායිකාව ද වන බෙනර්ජි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා ඇත.
එවැනි කාන්තා පොලිස් ස්ථාන 10 ක් බෙංගාල ප‍්‍රාන්තයේ මේ වනවිටත් කි‍්‍රයාත්මක වන බව ද මහ ඇමැතිනිය අවධාරණය කරයි. ඊට අමතරව ප‍්‍රාන්තයේ කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධ නඩු කඩිනමින් විසඳීමට විශේෂ අධිකරණ 158 ක් පිහිටුවීමට ද තමන් කටයුතු කරන බව මහ ඇමැතිනිය වැඩි දුරටත් කියා ඇත.
ඉන්දියාවේ සිදුවන ලිංගික අපරාධ සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ පොලිස් නිලධාරිනියන්ගේ හිඟකම නිසා යැයි බොහෝ දෙනා චෝදනා කරයි. එම චෝදනාවලට පිළිතුරුදීමක් ලෙස කාන්තා පොලිස් ස්ථාන සහ කාන්තා පොලිස් බළඇණි පිහිටුවීමට තමන් තීරණය කළේ යැයි මහ ඇමැතිනිය අවධාරණය කරයි.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බෙංගාලයේ කාන්තා පොලිස් ස්ථාන 65 ක් පිහිටුවීමට යයි