
බංග්ලාදේශය සිවුවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙමින් සිටින අතර, එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ, මෙම සිවුවැනි කොරෝනා රැල්ල බිහිසුණු ස්වරූපයක් ගෙන ඇති බවය.
බංග්ලාදේශ සෞඛ්‍ය බලධාරීන්ට අනුව, එරට සිවුවැනි ‘කොවිඩ් 19’ රැල්ල ආරම්භ වූයේ පසුගිය ජූලි 1 වැනිදා සිටය. මේ වනවිට නව ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් එරට රෝහල් පිරී යමින් පවතින බව ද වාර්තා වේ.
ගතවුණු දින 5 ඇතුළත වාර්තා වූ ‘කොවිඩ් 19’ මරණ ගණන 32 ක් බව පැවැසෙයි. වාර්තා වූ ආසාදියන් ගණන 2,500 පසු කර තිබේ. පසුගිය දින 5 ඇතුළත දෛනිකව වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 50 කට ආසන්න යැයි ද පැවැසෙයි.
මෙම නව කොරෝනා රැල්ලට හේතුව ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදයේ උප ප්‍රභේදයක වන ‘බී.ඒ.5’ බව බංග්ලාදේශ සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියන්න එපා. මේ අනිත් රටවල් වල ඒවා මෙහෙ පෙන්නලා, ගියපර වගේ රට වහන්න එපා. මමත් යනවා බංග්ලාදේශයේ ඩකාවලට... ඒහෙ 80% ක මිනිස්සු කොවිඩ් එන්නත විදලා නැහැ. ඒ හින්දා තමයි දරුණු වෙලා ඇත්තේ...