බංග්ලාදේශ මහ මැතිවරණය ලබන 29 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එරට  මැතිවරණ කොමිසම ඊයේ (10) නිවේදනය කළේය.
මැතිවරණ කොමසාරිස් කාසී රකිබුදීන් අහ්මද් කියා සිටියේ බංගලදේශ ජනපති සිලූර් රහ්මන්ගේ අභාවයෙන් පසු හිස් වූ ජනපති ධුරය වෙනුවෙන් මැතිවරණය පැවැත්වෙන බවය.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රහ්මන් අභාවප‍්‍රාප්ත වූයේ ඉකුත් මැයි 20 වැනිදාය. එම අවස්ථාවේ ඔහු සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියේය.
එදා සිට පාර්ලිමේන්තු කතා නායක අබ්දුල් හමීඞ් භාරකාර ජනපතිවරයා ලෙස කටයුතු කරයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජූනි මාසයට පෙර මැතිවරණයක් පවත්විය යුතු වේ.