
බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජනවාරි 7 වැනිදා පැවැත්වෙනු ඇතැයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
කඩිනමින් මහ මැතිවරණය පවත්වන ලෙසත්, ඊට පෙර අග්‍රාමාත්‍ය ශීක් හසීනාට ධුරයෙන් ඉවත් වන ලෙසත් බල කරමින් බංග්ලාදේශයේ ඩකා අගනුවර ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි. විරෝධතා පවත්වන්නේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයයි.
බංග්ලාදේශ ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ ශීක් හසීනාගේ රජයක් යටතේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවය. අග්‍රාමාත්‍යවරිය ශීක් හසීනා වහා ධුරයෙන් ඉවත් වී, භාරකාර රජයක් යටතේ මැතිවරණය පැවැත්විය යුතු බව විපක්ෂය ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේත් ඔහෙම තමයි වෙන්න ඕනෑ..!