IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බංග්ලාදේශ ඇඟලූම් කම්හල් සේවක සේවිකාවෝ වීදි බසිති

බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගොඩනැගිලි දෙකක් ඉකුත් දින දෙක තුළ ගිනිගෙන විනාශ වී, සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වීමත් සමඟ තම ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන්නැයි රජයට බල කරමින් ඇඟලූම් කම්හල් සේවක සේවිකාවෝ දහස් ගණනින් පෙරේදා (26) ඩකා නුවර විරෝධතා රැලියක් පැවැත්වූහ. පළමුවෙන් ගින්න හට ගත්තේ ඩකා නුවරට කිලෝමීටර 30ක් ඔබ්බෙන් පිහිටි තස්රීන් ෆැෂන් නමැති මහල් නවයකින් යුත් ඇඟලූම් කම්හලේය. එම ගින්නෙන් මියගිය ගණන 120 කි. දෙවැනි ගින්න හටගත්තේ ඊට පසුදින එනම් පෙරේදාය. එයින් ද 12 දෙනකු ජීවිතක්ෂයට පත් වූයේ යැයි පොලිසිය පැවැසීය. එම ගින්න හටගත්තේ මහල් 12 කින් සමන්විත ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ලක තෙවැනි මහලේය. දින දෙකක් තුළ ඇඟලූම් කම්හල් දෙකක් ගිනි ගැනීම කිසියම් කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් යැයි විරෝධතා රැලියට එක් වූ සේවක සේවිකාවෝ චෝදනා කරන්නට වූහ. එම ගිනි ගැනීම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන්නැයි ද ඔවුන් රජයෙන් ඉල්ලා සිටියහ.



අදහස් (0)

බංග්ලාදේශ ඇඟලූම් කම්හල් සේවක සේවිකාවෝ වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site