ඇමෙරිකා හමුදා ඉරාකය ආක‍්‍රමණය කර දස වසරක් ගෙවෙන අවස්ථාව සනිටුහන් වූ පෙරේදා(19) සැඳෑ කාලයේදී බැග්ඩෑඞ් නගරයේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 56 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 220කි.
බැග්ඩෑඞ් නුවර ස්ථාන කිහිපයකදී බෝම්බ පිපිරීම් 20ක් පමණ වාර්තා වූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මාස හයක කාලයක් තුළ එල්ල වූ ප‍්‍රබලම ප‍්‍රහාර වැල මෙයැයි සැලකේ.
මෙම ප‍්‍රහාරයත් සමඟ ඇමෙරිකා හමුදා ඉරාකය ආක‍්‍රමණය කිරීමෙන් පසුව මියගිය සිවිල් වැසියන් ගණන 1,12,000 දක්වා ඉහළ ගිය බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.
ෂියා මුස්ලිම්වරුන් වෙසෙන ප‍්‍රදේශවලදී මෙම බෝම්බ පුපුරා ගොස් ඇත. එහිදී කාර් බෝම්බ 15ක් සහ මරාගෙන මැරෙන ප‍්‍රහාර දෙකක් එල්ලවී ඇතැයි බැග්ඩෑඞ් පොලිසිය පවසයි. අල් කයිඩා සංවිධානය ප‍්‍රහාරයේ වගකීම බාරගෙන ඇත.
එළඹෙන අපේ‍්‍රල් 20 වැනිදා ඉරාක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතය. ඒ අනුව ඉරාකයේ මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර 3කට පසුවය. මීට පෙර අවස්ථා ගණනාවකදීම එරට රජය මැතිවරණ පැවැත් වීමට උත්සාහ ගත්තද ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ ගැටලූ නිසා එම මැතිවරණ කල් දැමිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදාම් හුසේන් කියන්නේ ඒකාධිපතියෙක්. ඉරනය, කුවේටය වගේ මැද පෙරදිග යුද්ද ගනනාවක් කරපු තමන්ගේ රටේ තමන්ට විරුද්දව ජනයාව රසායනික බෝම්බ දාලා මරපු කෙනෙක්. ඒ රටේ ගොඩක් සරනාගතයෝ අපේ වගේ ඇමරිකාවට ගිහින් උදව් ඉල්ලුවා. උදව් කළා එච්චරයි.(නදී)
හොද ප්‍රවෘත්තියක්.(නදී)
අෂාන්, එහේ යුද්ද වෙන්නේ අල්ලා දෙයියන්ගේ කැමැත්තට. මෙහෙ වෙන්නේ කරුමෙට.(නදී)
අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත මත සිදුවූ දෙයක්. :) (නි)
මැවුම් වාදය වේවා කර්ම වාදය වේවා යුද්ධය හොඳ දෙයක් නෙමෙයි (ස)
එහෙ යුද්ද වෙන්නේ දේව කැමත්තට නම් මෙහෙ වෙන්නේ කරුමෙටද? (නදී)
දෙවියන් ගෙ කැමැත්ත.(නදී)
ඇමරිකාව සුරකින මාකව හිමිකම් වැඩද මේ. කැතයි.(නදී)
අපිටත් තිබුනා මේ වගේ අමිහිරි මතකයක් (දී)
අයියෝ කනගාටු දායක පුවතක් (දී)
112000 සිවිල් වෑසියන් ඈමරිකානු මෑදිහත් වීමෙන් ඝාතනය වීම සුලුපටු දෙයක්ද? අල්කයිඩා සංවිධානය සමග හොදම සම්භණ්ධයක් ගොඩනගාගෙන සිටි කොටි සංවිධානය ඊටවඩා බලවත් සංවිධානයකි.එය සමූල ඝාතනය කිරීමත්.3 ලක්ෂයක ප්‍රාණ ඈපකරුවන් මුදා ගෑනිමට අප ශ්‍රී ලංකාවට මානව හිමිකම් කොමිසම ඉදියට ගෙනා යෝජනාව සාධාරණද?තමිල් නාඩු ප්‍රාන්තය පකිස්තානය වගේ ඉන්දියාවෙන් වෙන්කිරීමට කරන සෑලසුමට නිදහස් අපේ රට ගාවගන්න එපා.අපේ රටේ උතුරු මුහුදේ තිබෙන තෙල් ටිකට කෙල හලන්නත් එපා.එහෙයියෙක් නොවන චාවිස්ලා වගෙ පිටකොන්දක් තිබෙන ජනපතිවරයෙක් අපේ රටේ ඉන්න නිසාද අපේ රටට තර්ජනය කරන්න යෝජනාවල් ගේන්නේ.ලෝකෙ සාධාරණයට හිස නමන අනෙක් රටවල් එකතුවී මානව හිමිකම් කඩන 112000 කියන්නේ සුලුපටු ගානක්ද? එවටත් විරුද්දව ක්‍රීයා කල යුතු කාලය එලබ ඈත. අපට දුක අසල්වෑසි ඉන්දියාව චන්ද වාසියට කඩේ යාමයි. මේ සේරටම හෙනේ අපේ රටෙ සෑගවුන සම්පත් ටිකයි.මේවිදියට සාමයට අතවනන ඈමරිකාව බෑහපු හෑම රටකටම මොකද වෙලා තියෙන්නේ.(නදී)