තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රාගේ රජයට එරෙහි විරෝධතා රැලි පවත්වමින්, එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට කලහ කළ විරෝධතාකරුවන් 500 කට වැඩි පිරිසක් පෙරේදා (24) පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත් අතර ඔවුන්ගෙන් 100 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.
උද්ඝෝෂණ පැවැත්වීමට හෝ රජයට එරෙහිව පෙළපාළි යෑමට හෝ තායිලන්ත නීතිය යටතේ නීතිවිරෝධී කි‍්‍රයාවක් වන අතර එසේ කරන විරෝධතාකරුවන් හෝ උද්ඝෝෂකයන් මර්දනය කිරීමට පොලිසියටත් හමුදාවටත් බලය හිමි වී තිබේ.
පෙරේදා පැවැති විරෝධතා සංවිධානය කර තිබුණේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් වන ‘කහ කමිස’ විරෝධතාකරුවන්ය. තායිලන්තයේ වත්මන් අගමැතිනිය ‘රතු කමිස’ කරුවන් නියෝජනය කරන තක්සින් ශිනවාත‍්‍රාගේ නැගණියයි.
විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ කහ කමිස ආධාරකරුවන් පවසන්නේ යිංග්ලක් ෂිනවාත‍්‍රා රටේ අගමැතිනිය වුවත් රට පාලනය කරන්නේ හිටපු අගමැතිවරයකු වන තක්සින් ශිනවාත‍්‍රා කියාය.
හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා දැමුණු තක්සින් තායිලන්තයෙන් පිටුවහල් කර විදේශවල ජීවත් වෙයි.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බැංකොක් විරෝධතාකරුවෝ 100 ක් පොලිස් අත්අඩංගුවට