IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


බැංකොක් ගංවතුරින් යටවුණාට විපක්ෂයෙන් අගමැතිනියට දොස්

තායිලන්තයේ බැංකොක් අගනුවරට බලපා ඇති දරුණු ජල ගැලීම්වලට එරට නව අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා වගකිව යුතු යැයි තායිලන්ත විපක්ෂ කණ්ඩායම් චෝදනා කරයි. තායිලන්තයේ බැංකොක් අගනුවර උතුරුදිග දිස්ති‍්‍රක්කවලින් සියයට 90 ක් මේ වනවිට මුළුමනින්ම පාහේ ජලයෙන් යට වී ඇති අතර ලක්ෂ ගණනකට උන්හිටි තැන් අහිමි වී ඇත. විපක්ෂ කණ්ඩායම්  අගමැති යිංග්ලක් ෂිනවාත‍්‍රාට සහ රජයට චෝදනා කරන්නේ ජල ගැලීම් ගැනත් මහ වැසි ගැනත් තායිලන්ත රජය නිසි වේලාවට අනතුරු ඇඟවීම් නොකළ බවත් එම නිසා ජීවිත හානි රැසක් සිදුවූ බවත්ය. ජල ගැලීම්වලට හසුවීමෙන් මේ වනවිට 600 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. විපක්ෂයෙන් එල්ල වන එම චෝදනාවලට පිළිතුරු දක්වමින් අගමැති යිංග්ලක් ෂිනවාත‍්‍රා ප‍්‍රකාශ කළේ සොබාදහමට එරෙහි වෙන්න තමාට හෝ තම රජයට හෝ හැකියාවක් නැති බවය. තායිලන්තයට මහ වැසි ඇද හැලීම ආරම්භ වූයේ පසුගිය ජූලි මාසයේ සිටය. මේ වනවිට බැංකොක් නුවර ප‍්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇත. බැංකොක් ගුවන්තොටුපොළ ද වසා දැමීමට බලධාරීහු තීරණය කර ඇතැයි ද වාර්තා විය. විපතට පත්වූවන්ට ආධාර ලබා දීමටත් ගංවතුර හේතුවෙන් කොටුවී සිටින පිරිස් බේරා ගැනීමටත් හමුදාව යොදවා ඇතැයි වාර්තා වේ. බැංකොක් නුවර ආසියා කලාපයේ ප‍්‍රමුඛ වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් වන අතර ජල ගැලීම් හේතුවෙන් එම වෙළෙඳ ගනුදෙනු සියල්ල ඇණහිට ඇත. එයින් තායිලන්තයට සිදුවී ඇති පාඩුව අති මහත්ය.  



අදහස් (0)

බැංකොක් ගංවතුරින් යටවුණාට විපක්ෂයෙන් අගමැතිනියට දොස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14756 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site