
තායිලන්තයේ බැංකොක් අගනුවර, සුප්‍රසිද්ධ ආහාර වෙළෙඳපොළක වෙඩි තැබීමක් සිදුවුණු බවත්, එයින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් පැවැසෙයි.
වෙඩි තැබීමෙන් මියගියේ ආරක්ෂක අංශ නිලධාරීන් සිවු දෙනෙකි. වෙඩි වැදී තුවාල ලැබූ දෙදෙනකු රෝහල්ගත කෙරුණි.
වෙඩි තැබීම කළ සැකකරු ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බව පැවැසෙයි. වෙඩි තැබීමේ සිද්ධිය ගැන විමර්ශනයක් පැවැත්වෙයි. වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නැත.
වෙඩි තැබීම සිදුවූයේ බැංකොක් අගනුවර බාංග් සූ දිස්ත්‍රික්කයේය. ආහාර වෙළෙඳපොළට අමතරව, කෘෂි නිෂ්පාදන වෙළෙඳසැල් ද මෙහි පිහිටා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රටේ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක්ද දන්නේ නෑ..