පාප් පදවියෙන් විශ‍්‍රාම ගෙන රෝමයේ වතිකානුවේ ඩැන්ඩොල්ෆෝ මාලිගයේ වෙසෙන 16 වැනි බෙනඩික් පාප්තුමන් හමුවීමට පළමු ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පෙරේදා එම මාලිගයට ගියේය.
85 හැවිරිදි බෙනඩික් පාප්තුමන් පළමු ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අර්බුද රැසකට මුහුණ දී ඇති කතෝලික පල්ලියේ අනාගතය වෙනුවෙන් යාච්ඤා කිරීමට ද නව පාප්තුමා සහ හිටපු පාප්තුමා කටයුතු කළ බව ද වාර්තා වේ.
‘අප දෙදෙනා සොහොයුරන්’ යැයි බෙනඩික් පාප්තුමා නව පාප්තුමාට පැවැසූ අතර කතෝලික සභාවේ අනාගතය සුබදායක කර ගැනීමට එකමුතු වීමට යෝජනා කළේය. විශ‍්‍රාමික පාප්තුමා කළ මෙම ප‍්‍රකාශය වතිකානයේ කි‍්‍රයාපටිපාටියන් උල්ලංඝනය කිරීමක් යැයි කතෝලික සභාවෙන් විරෝධයක් ද එල්ල විය.
ඉකුත් පෙබරවාරි 28 වැනිදා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සිය පදවියෙන් විශ‍්‍රාම ගිය බෙනඩික් පාප්තුමන් ඩැන්ඩොල්ෆෝ මාලිගයේ විවේක සුවයෙන් වෙසෙයි. එතුමා වෙනුවෙන් ස්ථිර නවාතැනක් පිහිටුවා දීමට ද වතිකානය සූදානම් වේ.
|
පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමන් (වමේ) විශ‍්‍රාමලත් 16 වැනි බෙනඩික් පාප්තුමන් හමුවූ අවස්ථාව |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් සාකච්චාවක් වගේ (දී)
ලොව ජනප්‍රියම හා බලවත්ම නායකයෙක්ගේ හා හිටපු නායකයෙක්ගේ සුහද හමුවක් . (ස)
නවකයින් ජෙෂ්ටයින්ගෙන් අවවාද ගන්නා එක ඉතා හොද වැඩක් (දී)
දෙදෙනාටම සුභ පැතුම්! (නි)
අලුත් පාප් තුමාට දෙවි පිහිට ලැබේවා! (නි)