IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පළමු වටයෙන් සර්කොස් පරදී:සමාජවාදී නායක ඔලෝන්ද් ඉදිරියෙන්

ප‍්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේදී, තියුණු සටනකින් පසු වත්මන් ජනපති නිකලස් සාර්කෝසි පරදා ඉදිරියට පැමිණීමට සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා  ඕලන්ද් සමත් විය. මෙවර ජනපතිවරණයෙන් සමාජවාදී පක්ෂ නායක  ඕලන්ද් ජයග‍්‍රහණය කරනු ඇතැයි ජනපතිවරණයට පෙර පැවැති ජනමත සමීක්ෂණවලින් අනාවැකි පළ වී තිබුණි. ජනපතිවරණය පැවැත්වුණේ පෙරේදා (22) ය. ඡන්ද දායකයන් කෝටි 4.4 ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටි බව වාර්තා විය. පළමු වටයේ ඡන්ද ප‍්‍රතිඵල ඊයේ (23) උදෑසන වෙද්දී නිකුත් වී තිබුණු අතර ඒ අනුව ෆ‍්‍රන්සුවා  ඕලන්ද් සියයට 28.4 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමි කරගෙන තිබුණි. කෙන්සවටිව් පක්ෂයෙන් තරග කළ ජනපති සාර්කෝසිට හිමි කර ගැනීමට හැකි වී තිබුණේ සියයට 27 ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණි. තෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ල පෙන්ය. ඇය සියයට 18.5 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගෙන තිබුණි. ජනපතිවරණයට අපේක්ෂක අපේක්ෂිකාවන් 10 දෙනකු ඉදිරිපත්ව සිටි අතර ඔවුන් අතරින් ඉදිරියට පැමිණ සිටින්නේ මොවුන් තිදෙනා පමණි. සාර්කෝසි සහ  ඕලන්ද් ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට 50 කට වැඩියෙන් ලබා ගැනීමට අපොහොසත් වූ නිසා මැතිවරණයේ දෙවැනි වටය ලබන මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිතය. දෙවැනි වටයේ දී සාර්කෝසි ඉදිරියට පැමිණෙනු ඇතැයි ඔහුගේ පක්ෂය පවසයි. සාර්කෝසිගේ පසුබැසීමට හේතු වී ඇත්තේ ප‍්‍රංශ ජනතාව ඔහු ගැන කලකිරීමට පත්ව සිටින නිසා යැයි  ඕලන්ද් පවසයි. ජනතාවට පාලනයේ සැබෑ වෙනසක් අවශ්‍ය යැයි ද හෙතෙම වැඩි දුරටත් කියා සිටී. සාර්කෝසිගේ පාලනය පිළිබඳ කලකිරී සිටි බොහෝ දෙනා කියා තිබුණේ ඔවුන් සාර්කෝසිට විරුද්ධව ඡන්දය දෙන බව හෝ ඡන්දය දීමෙන් වැළැකී සිටීමට තීරණය කළ බවය.



අදහස් (0)

පළමු වටයෙන් සර්කොස් පරදී:සමාජවාදී නායක ඔලෝන්ද් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site