IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පලස්තීන නායක අර්ෆත්ගේ සිරුර ගොඩගැනේ

මීට වසර අටකට ඉහතදී පැරිසියේ හමුදා රෝහලකදී මියගිය පලස්තීන නායක යසර් අරෆත්ගේ මළසිරුර ඊයේ(27) යළි ගොඩගත්තේය. පොදු ජනයාට හෝ මාධ්‍යවේදීන්ට පිවිසිය නොහැකි අයුරින් ආරක්ෂිත ස්ථානයක මිහිදන් කර ඇති පලස්තීන නායකයාගේ මළ සිරුර ගොඩගනු ලැබූයේ ඉතා රහසිගතවය. පලස්තීන නායකයා හෘදයාබාධයකින් මියගිය බව පැවසුණද මෑතකදී සිදු කරන ලද පර්යේෂණයකින් ඔහු ඝාතනය කළේද යන්න පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු විය. ඒ අරෆත්ගේ බිරිඳ විසින් ස්විට්සර්ලන්ත පර්යේෂණ කණ්ඩායමකට ඔහු පරිහරණය කළ දෑ පර්යේෂණයට ලක් කිරීම පිණිස ලබාදීමත් සමඟය. පර්යේෂණය අවසානයේදී හෙළි වූයේ ඒවායේ විකිරණශීලී පොලෝනියම් නමැති විෂ රසායනය අන්තර්ගතව තිබූ බවයි. මේ සමඟම අර්ෆත් ඝාතනය කළේ ද යන්න පිළිබඳව සැක මතු වූ අතර ඒ පිළිබඳව සොයා බැලීම ආරම්භ විය. ඉකුත් අගෝස්තු මාසයේදී අරෆත්ගේ බිරිඳ සුහා ප‍්‍රංශ අධිකරණයකින් කළ ඉල්ලීමකට අනුව මෙම පර්යේෂණ කටයුතු ආරම්භ විය. මේ සඳහා පලස්තීන පාලන අධිකාරිය මූලිකත්වය ගෙන කටයුතු කරන අතර ඊට ප‍්‍රංශ, ස්විට්සර්ලන්ත සහ රුසියානු විශේෂඥයන්ගේ සහාය ලැබේ. පලස්තීන නායකයාගේ මළසිරුර ගොඩ ගැනීමෙන් අනතුරුව පර්යේෂණ සඳහා අවශ්‍ය සාම්පල ලබා ගත් අතර හමුදා උත්තමාචාර මැද නැවතත් එම සිරුර මිහිදන් කෙරිණි. යසර් අරෆත්යසර් අරෆත්ගේ සිරුර මිහිදන් කර ඇති ස්ථානය  



අදහස් (0)

පලස්තීන නායක අර්ෆත්ගේ සිරුර ගොඩගැනේ

ජසී Thursday, 29 November 2012 07:16 PM

පිස්සු වැඩ (ස)

:       0       0

නුශ්කි Thursday, 29 November 2012 03:47 PM

මේ මොප්න විකාරද ඇත්තට (දී)

:       0       0

මුතුකුඩ Thursday, 29 November 2012 04:44 PM

අතීතයේත්, වර්ථමානයේත්, අනාගතයේත් පලස්තීනයට ජයෙන් ජය. (නි)

:       0       0

මාධව Friday, 30 November 2012 12:22 AM

අයියෝ සල්ලි

:       0       0

අසෝක Thursday, 29 November 2012 11:41 AM

බලන්න බලන්න මේක මිනි මැරුමක් වෙන්න පුළුවන් (දී)

:       0       0

නිමල් Thursday, 29 November 2012 01:33 AM

මොනවා වුණත් ටෙරාලා තියන්න හොද නැහැ. යුදෙවුවන්ට ජය වේවා! (නි)

:       0       0

නිශාඩ් පෙරේරා Wednesday, 28 November 2012 10:24 AM

ඔහුව ගාථනය කරානම් ඒක බලවත් අපරාධයක්, එහෙම ඔප්පු උනත් කාටද චෝදනාව එල්ල කරන්නේ (ස)

:       0       0

සුනිල් Wednesday, 28 November 2012 04:10 PM

මොන තරම් පවක්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 681 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17809 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site