|
අගමැති ෆයාද් |
පලස්තීන අගමැති සලාම් ෆයාද් ඊයේ (11) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මොහොමඞ් අබ්බාස්ට බාර දුන් බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
අගමැති ෆයාද් රටේ දේශපාලන කටයුතුවලට අනවශ්‍ය අන්දමින් බලපෑම් කරන බව ජනපති අබ්බාස් මීට පෙර චෝදනා කර තිබුණි.
පසුගිය මාසයේ ජනපති අබ්බාස්ගේ තීරණයට පිටුපා පලස්තීන මුදල් ඇමැතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීමට ද ෆයාද් කටයුතු කර තිබුණි.
61 හැවිරිදි ෆයාද් ඉල්ලා අස්වූයේ දිගින් දිගටම ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා හේතුකොට ගෙන යැයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd