පොලිස් නිල ඇඳුමින් සැරසුණු සටන්කාමීන් පිරිසක් පෙරේදා (14) නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 44 දෙනෙක් තුවාල ලැබූහ. එය ආගමික ගැටුමක් බවත්, ප‍්‍රහාරය එල්ල කරන්න ඇත්තේ නයිජීරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන බෝකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන් බවත් පොලිසිය සැක කරයි. ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිම සංවිධානයක් විසින් බාර ගනු ලැබ නැත. ප‍්‍රහාරය එල්ල වූයේ කඩූනා ප‍්‍රාන්තයේ ඩොගොන් ඩාවා ගම්මානයේ දේවස්ථානයටය. උදෑසන දේව මෙහෙයට බොහෝ දෙනකු පැමිණ සිටි අතර සටන්කාමීන් පොලිස් නිල ඇඳුමින් පැමිණි නිසා කිසිවකුටවත් ඔවුන් ගැන සැක පහළ වී නැත. කඩූනා ප‍්‍රාන්තය ආගමික වශයෙන් බෙදී ඇති අතර ආගමික ගැටුම් නිරන්තරයෙන් සිදුවෙයි. පසුගිය මාස කිහිපය පුරාවට කඩූනා ප‍්‍රාන්තයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැල්ලක් පැවැතිණි. ඉකුත් ජූනි මාසයේ ද නයිජීරියාවේ නගර කිහිපයකට මරාගෙන මැරෙන බෝම්බකරුවන් යවා කි‍්‍රස්තියානි දේවස්ථානවලට ප‍්‍රහාර එල්ල කළෝ බොකෝ හරාම් සටන්කාමීහුය.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප කරන වැරදිවලින් කොටසක් මෙලොවදීම විපාක දෙනවා..(නු)
මේක තේරුම් ගන්න බෑනේ ..ගහලා තියෙන්නේ මුස්ලිම් පල්ලියකටද ?? දේව මෙහෙය තියෙන්නේ ක්‍රිස්තියානි පල්ලිවලනේ (ස)