ලොව විශිෂ්ඨතම බ්‍රසීල පා පන්දු සුපිරි තරුව පේලේ, දිවි ගමන නිමා කළේය. මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.
බ්‍රසීලයට තෙවරක් පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට පේලේය. එපමණක් නොව පා පන්දු ලෝක කුසලානය තෙවරක් දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩකයා වන්නේ ද පේලේය.
පසුගිය දිනකීපය පුරා පේලේ රෝහල්ගතව සිටියේය. පේලේ ඇතුළත් කර සිටියේ සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලටය.
පේලේ උදර පිළිකාවකින් පීඩා විඳි අයෙකි. පසුගිය දිනවල වෛද්‍යවරුන් දිගින් දිගටම කියා සිටියේ පේලේගේ තත්ත්වය බරපතල බවත් ඔහුගේ වකගඩු අක්‍රිය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.
අවසන් දින කීපයේ පේලේගේ පවුලේ සාමාජිකයන් රෝහලට පැමිණ පේලේ අසල සිටි බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබුණි.
පේලේ ස්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය නොවැම්බර් 29 වැනිදා, මෙවර 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතරතුරේය.
(ඒ.එෆ්.පී.)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
පේලේ සමුගනී
Buddila Friday, 30 December 2022 06:17 AM
පාපන්දු ඉතිහාසයේ නොමැකෙන නාමයක්. අති විශිෂ්ටයෙක්. සුබ ගමන් ඔබට.
sharm warn Friday, 30 December 2022 09:38 AM
සුබ ගමන් ප්ලේ .... ඔබ සදා අමරනීයයි...
Bunny Preena Friday, 30 December 2022 10:26 AM
ඔබගෙ ක්‍රීඩා විලාශයෙන් ළෝකයේ පාපන්දු ලෝලීන් මහත් අමන්දානන්දයට පත්කල ඔබ සැබම වීරයෙක් සහ පුරාවෘතයක්. ඔබට සුබ ගමන්. ප්ලේ
i k s chandrasiri Friday, 30 December 2022 11:39 AM
නිවන් සුව ලැබේවා පේලේ..!
Vira Friday, 30 December 2022 11:48 AM
තවත් වීරයෙකුගේ ගමනේ නිමාව.. ඔබට සුබ ගමන්..!