IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


ප‍්‍රංශය නැවතත් අපි‍්‍රකානු සටන් බිමට

ශතවර්ශයකට අධික කාලයක් ප‍්‍රංශයේ යටත් විජිතයක්ව පැවති, මධ්‍යම අපි‍්‍රකානු රාජ්‍යයක් වන මාලි පසුගිය සිකුරාදා නැවත වරක් ප‍්‍රංශයේ ගුවන් හමුදාවේ ආක‍්‍රමණයක ලක් විය. ඒ ප‍්‍රංශයේ විදේශ ඇමති ජින් ලේ ඩි‍්‍රයන් ප‍්‍රකාශ කළ ආකාරයට මාලි රාජ්‍යයේත්, අපගේම රටේත්, යුරෝපයේත් ආරක්ෂාවට තර්ජනයක් වන ත‍්‍රස්තවාදී කණ්ඩායමක් විනාශ කර දැමීම ප‍්‍රංශ ජනාධිපති හොලන්ඬේ ගේ අරමුණ වන නිසාය. ඇෆ්ගනිස්ථානයේ තලෙබාන් පාලනයට එරෙඑහිව එක්සත් ජනපද ගුවන් හමුදාව ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවේ එවකට ජනාධිපති වූ ජෝර්ජ් බුෂ් ගේ ප‍්‍රකාශය සිහිගන්වන මෙම පැහැදිලි කිරීමෙන්

ප‍්‍රංශ ජනපති හොලන්ඬේ

අදහස් වූයේ අර්ධ කාන්තාර රාජ්‍යයක් වූ මාලි හි ප‍්‍රංශය තරම් විශාල භූමි ප‍්‍රදේශයක බලය අත්පත් කරගෙන සිටින කැරලිකරුවන්ගේ සටන් ශක්තිය විනාශ කොට බමකෝ අගනුවර සිටි හමුදා පාලකයාගේ බලය තහවුරු කිරීමය. මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා හමුදා කුමන්ත‍්‍රණයකින් පළවා හැර බලය පැහැරගත් හමුදා නායක සියොන්කුන්ඩා ට‍්‍රාරේගේ ඉල්ලීමක් අනුව මාලි රාජ්‍යයට අප‍්‍රිකානු බලකායක් මෙහෙය වීමට පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබිණි.


එහෙත් එවැනි හමුදා මෙහෙයුමක් සංවිධානය කිරීමට මාස ගණනාවක් ගත වන නිසා ගුවන් හමුදා ප‍්‍රහාර එල්ල කිරීමට ප‍්‍රංශ රජය තීරණය කළේ මාලි අගනුවර කැරලිකරුවන්ගේ ප‍්‍රහාරයට ලක්වීමේ අනතුරක් තිබූ හෙයිනි. පසුගිය සිකුරාදා වන විට කැරලිකරුවෝ බමකෝ අගනුවරට මී. 200ක් ඔබ්බෙන් පිහිටි කොනා නගරය ආසන්නයටම පැමිණියහ. එම නිසා ප‍්‍රංශයේ සමාජවාදී පක්ෂයේ ජනාධිපති හොලන්ඬේ පාර්ලිමේන්තු අනුමැතියක් නොලබාම මෙම ප‍්‍රහාරය දියත්කිරීමට තීරණය කළේය. මාධ්‍ය වාර්තාවල සඳහන් වන ආකාරයට ජනප‍්‍රියතාවයෙන් පහළටම වැටී සිටි ජනාධිපති හොලන්ඬේ මෙම ප‍්‍රහාරය නිසා නැවතත් දර්ශකයේ ඉහළට පැමිණ සිටී. ඔහුගේ සහායට ඇල්ජීරියාව වැනි අප‍්‍රිකානු රටවල මෙන්ම බි‍්‍රතාන්‍යය හා එක්සත් ජනපදයේත් අනෙකුත් නේටෝ රටවලත් සහාය ප‍්‍රකාශ කෙරිනි. ඒ මූලික වශයෙන්ම ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැඳින්වෙන අල්කයිඩා හා සම්බන්ධ අන්තවාදී කණ්ඩායමකට උපායමාර්ගික වශයෙන් වැදගත් මාලි රාජ්‍යයේ බලය අත්වීම වැළැක්වීම සඳහාය. ප‍්‍රංශ විදේශ ඇමතිවරයා සඳහන් කළ ආකාරයට එය යුරෝපයේත් ආරක්ෂාවට තර්ජනයකි.


අති නවීන ගුවන් යානා යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කොට කැරලිකරුවන් ඉක්මනින්ම විනාශ කර දැමීමට හැකි වනු ඇතැයි ප‍්‍රංශය අපේක්ෂා කළ ද පසුගිය සඳුදා වන විට කැරලිකරුවන් තවත් ප‍්‍රධාන නගර කීපයක බලය අත්කර ගත් බව වාර්තා විය. අන්සාර් සිනේ නම් සටන් කණ්ඩායමේ ප‍්‍රකාශකයෙක් සඳහන් කරන ආකාරයට ප‍්‍රංශ ගුවන් ප‍්‍රහාරවලින් ඔවුන්ගේ ඉදිරි ගමන වැළැක්විය නොහැක. තාවකාලික පසුබැසීමක් වූවද මාලි රාජ්‍යය ප‍්‍රංශයේ ඇෆ්ගනිස්ථානය වනු ඇතැයි ඔහු අනතුරු හැඟවූයේය. ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු ගුවන් ප‍්‍රහාරවලින් සිදු වූ ආකාරයට මාලි රාජ්‍යයේත් ගුවන් ප‍්‍රහාරවලින් වැඩියෙන්ම මියගොස් ඇත්තේ සාමාන්‍ය ජනතාවය. වාර්තාවල සඳහන් වන ආකාරයට දශ ලක්ෂ 14.5ක් පමණ වන මාලි ජනතාවගෙන් 300,000කට අධික පිරිසක් යුද්ධය නිසා දැනටමත් සරණගාතයින් බවට පත්ව සිටිති.


මාලි රාජ්‍යයේ උතුරේ ජනතාව 2011 ඔක්තෝබර් මාසයේ සිට දකුණේ බමකෝ පාලනයට එරෙහිව සටන් වැදුනේ විමුක්තිය ලබාගැනීම සඳහාය. පසුව මෙම

ප‍්‍රංශ ආරක්ෂක ඇමැති ජීන් ඊව්ස්

සටන්කරුවන්ට ලිබියාවේ ගඩාෆි පාලනය පරාජයට පත් වීම නිසා පළා ආ වාර්ගික වශයෙන් සමාන වූ ටුවංගේස් කණ්ඩායමද එකතු වූහ. සමහර වාර්තා වල දැක්වෙන ආකාරයට මෙම සටන්කරුවන් හා ආගමික අන්තවාදීන් එක් වීම නිසා ඊට ඉක්මනින් අල්කයිඩා ලේබලය ඇලවීමට හැකි විය. පැරණි යටත් විජිත පාලකයා වූ ප‍්‍රංශයට හමුදාමය මැදිහත් වීමකට අවස්ථාව සැලසුනේ ඒ ආකාරයෙනි. එහෙත් මේ වන විටත් ප‍්‍රංශය, මාලි රාජ්‍යයට යාබද රටවල් වන සෙනෙගාල්, බුර්කිනා, ෆූසෝ හා අයිවරි කෝස්ට් යන රටවල හමුදා කඳවුරු පිහිටුවා ගෙන සිටියි. 2011 වසරේදී අයිවරි කෝස්ට් ජනාධිපති තනතුරට ඇලසාන් ක්වටාරා පත් වූයේ ප‍්‍රංශ හමුදා මැදිහත් වීමෙනි. සෙනිගාල් රාජ්‍යයේ බලය ස්ථාවර කිරීමට ප‍්‍රංශ හා ඇමරිකානු හමුදා බලපෑම තීරණාත්මක විය.
ප‍්‍රංශයේ මෙම හමුදා මැදිහත්වීම සැසඳිය යුත්තේ සිරියාවේ අල් අසාඞ්ගේ පාලනය එරෙහිව ප‍්‍රංශය ඇතුළු නේටෝ රටවල් ගෙන යන ව්‍යාපාරයත් සමගය. ප‍්‍රංශය හෝ අනෙකුත් නේටෝ රටවල් සිරියාවට එරෙහිව මෙතෙක් සෘජු ප‍්‍රහාර එල්ල නොකළත් කැරලිකරුවන්ට අවශ්‍ය සියලූ පහසුකම් සපයති. රට අමතරව මානුෂීය මෙහෙයුමක පෙරහුරුවක් වශයෙන් අසාඞ්ගේ පාලනයට එරෙහිව විවිධ සම්බාධක ද ක‍්‍රියාත්මක කරති. එම උත්සාහයේදී අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සටන් කණ්්ඩායම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ගැටලූවක් වන්නේද නැත. ඒ සිරියානු, ජනාධිපති අල් අසාඞ් ඒකාධිපති පාලකයකු වන නිසාය. මාලි රාජ්‍යයේ මහජන ඡුන්දයෙන් තේරී පත් වූ පාලකයා පන්නා දමා රාජ්‍ය බලය පැහැරගත් හමුදා නායකයාගේ ඉල්ලීමට සහාය දැක්වීම ප‍්‍රංශය ඇතුළු අනෙකුත් යුරෝපීය රටවල් හේතු යුක්ති කරන්නේ සිරියාවේ තම සටන් සගයන් මෙහිදී ත‍්‍රස්තවාදීන් ලෙස හැඳින්වීමෙනි. එහෙත් සැඟවිය නොහැකි සත්‍යය වන්නේ සිය උපාය මාර්ගික අවශ්‍යතා සඳහා කුමන අවස්ථාවක් යොදා ගැනීමට මෙම රටවල් පසුබට නොවන්නේය යන්නයි.

 

සටහන: මහින්ද හත්තක

 

මාලේ ජනපති ඩියොන් කවුන්ඩා

 

මාලේ හමුදා



අදහස් (0)

ප‍්‍රංශය නැවතත් අපි‍්‍රකානු සටන් බිමට

මධූ Friday, 18 January 2013 12:25 PM

ප්‍රංශ ජනාධිපති ලෝකයේ ඉන්න හොඳ ජනාධිපති වරයෙක්. ඔහු කවදාවත් වැරදි තීරණයක් ගන්නේ නෑ. (ස)

:       0       0

දිලීප Friday, 18 January 2013 01:09 PM

යුද්ධය මොකටද සහෝදරා (දී)

:       0       0

සංජීවනී Friday, 18 January 2013 05:47 PM

යුද්දය මොන රටටත් හානි දායක බව තේරුම් ගන්න ඕනේ. (දී)

:       0       0

ලාල් Friday, 18 January 2013 12:17 PM

හොඳ පුවතක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ බෙදීමක්
2024 මැයි මස 19 77 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි ප්‍රහාර ආරම්භ කළ අවස්ථාවේ යුද කැබිනට් මණ්ඩලයක් පිහිටුවීය. යුද්ධය සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගන්නේ ම


වියට්නාම් මහජන ආරක්ෂක ඇමැති ජනපති වෙයි
2024 මැයි මස 19 48 0

වියට්නාමයේ පුරප්පාඩුව පැවැති ජනපති ධුරයට, එරට ආරක්ෂක ලේකම් 66 හැවිරිදි ටෝ ලාම් නම් කිරීමට, එරට කොමියුනිස්ට් පක්ෂ පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.


රුසියාවත් ඉන්දියාවත් අතරේ වීසා ඕනෑ නැහැ
2024 මැයි මස 19 67 0

ඉන්දියාවත් රුසියාවත් අතරේ සංචාරය කරන සංචාරකයන්ට වීසා රහිතව ඔවුන්ගේ ගමන් බිමන් සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිමක් සකස් කර දීමට දෙරට අතරේ එකඟත්වයක් ඇතිකරග



බාමියන් නගරයේ වෙඩි තැබීමක්
2024 මැයි මස 19 34 0

ඇෆ්ගනිස්තානයේ බාමියන් පළාතේ බාමියන් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් විදේශිකයන් තිදෙනකු සහ ඇෆ්ගන් ජාතිකයකු මියගිය බව පැවැසෙයි.


රෆා නගරයේ ලක්ෂ 8 ක් අවතැන්
2024 මැයි මස 19 23 0

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල ද විරෝධය නොතකා ඊශ්‍රායලය ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පහර දෙයි. එම ප්‍රහාර හේතුවෙන්, මේ වනවිට රෆා නගරයේ ලක්ෂ 8 කට ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 799 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2354 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2016 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site