IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප‍්‍රංශ මහමැතිවරණයෙන් ඕලන්ද්ගේ සමාජවාදී පක්ෂ ජය හිමිකරගනී

ප‍්‍රංශ මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි කර ගනිමින් ජයග‍්‍රහණය කිරීමට ප‍්‍රංශ ජනපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද්ට පක්ෂපාතී සමාජවාදී කණ්ඩායම්වලට පෙරේදා(17) හැකියාව ලැබිණි. ඒ අනුව එරට ජාතික මන්ත‍්‍රණ සභාව හෙවත් පාර්ලිමේන්තුවේ 577ක් වන සමස්ත ආසන ගණනින් 316ක් හිමි කර ගනු ලැබූයේ  ඕලන්ද්ගේ සමාජවාදී කණ්ඩායම් විසිනි. ඔවුන් ලබා ගත් ඡන්ද ප‍්‍රතිශතය සියයට 50.3කි. එනිසා  ඕලන්ද්ට පාර්ලිමේන්තුව තුළ බලය හිමි කර ගැනීමට හරිත පක්ෂවල හෝ අන්ත වාමාංශික පක්ෂවල සහාය ලබා ගැනීම අවශ්‍ය නොවනු ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙවර මැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව දෙවන තැනට පත්ව සිටින්නේ සාර්කෝසිගේ මධ්‍ය දක්ෂිණාංශික පක්ෂය සහ ඔවුන් සමඟ සන්ධානගත වී සිටින කණ්ඩායම්ය. ඔවුන් ලබාගත් ආසන සංඛ්‍යාව 229කි. ප‍්‍රධාන පක්ෂ දෙකට අමතරව තරග වැදුණු හරිත පක්ෂය ආසන 17ක් ද මධ්‍යස්ථ පක්ෂය ආසන 2ක් සහ අන්තදක්ෂිණාංශික කණ්ඩායම ආසන 3ක් හිමි කර ගත් බව අවසන් මැතිවරණ ප‍්‍රතිඵල සඳහන් කරයි. අදියර දෙකක් යටතේ පැවැති මහමැතිවරණය ජය ගැනීමට  ඕලන්ද් ප‍්‍රමුඛ සමාජවාදී කණ්ඩායමට හැකිවීම ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ප‍්‍රංශයට විසඳුමක් කරායෑමට ඉඩ කඩ විවර කර දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසුව අදහස් දැක් වූ නව රජයේ අගමැති ජීන් මාක් පැවසුවේ තමන්ට ඉදිරියේදී ඉටුකිරීමට ඇති කාර්යභාරය සුළුපටු නොවන බවයි. මහමැතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීම ඉහළ මට්ටමක නොතිබුණු අතර සමස්ත ඡන්දදායකයන්ගෙන් සියයට 55.9ක් ඡුන්දය ප‍්‍රකාශ කර තිබූ බව ප‍්‍රංශ මැතිවරණ කොමිසම පවසයි. කෙසේවෙතත් ප‍්‍රංශ නව ජනපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද් හට යුරෝපා සංගමය තුළ ඉදිරි ආර්ථික වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාවක් ලැබී ඇති බව දේශපාන විචාරකයෝ පවසති.



අදහස් (0)

ප‍්‍රංශ මහමැතිවරණයෙන් ඕලන්ද්ගේ සමාජවාදී පක්ෂ ජය හිමිකරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site