ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයෙන් මධ්‍යස්ථ මතධාරී ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ.
ජනාධිපති මැක්රෝන්ගේ ලා රිපබ්ලිකේ එන් මාකේ (රිපබ්ලික් ඔන් ද මූව්) පක්ෂය සහ ඔවුන්ගේ මිත්‍ර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය (මෝඩෙම්) පක්ෂය ප්‍රංශ පාර්ලිමේන්තුවේ ආසන 577න් 445ක් දිනාගනු ඇතැයි වාර්තා වේ.
ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවැනි වටය සෙනසුරාදා 17 පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව අවසන් ප්‍රතිඵල නිකුත් කෙරේ.
ජනාධිපති මැක්රෝන්ගේ පක්ෂය මීිට වසරකට පෙර පිහිටුවා ගත් පක්ෂයක් වන අතර එහි අපේක්ෂකයන් බොහෝ දෙනකුට ඇත්තේ ඉතා අඩු දේශපාලන අත්දැකීමකි. ඇතැමකුට දේශපාලන අත්දැකීමක් නැති තරම්ය.
මැතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමට දැනට ආරම්භ වී තිබෙන අතර, දැනට ගණනය කර තිබෙන ඡන්ද අනුව මැක්රෝන්ගේ ලා රිපබ්ලිකේ එන් මාකේ පක්ෂය සහ මෝඩෙම් පක්ෂය සියයට 32.3ක ඡන්ද ප්‍රතිශතයක් ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වේ.
මධ්‍ය දක්ෂිණාංශික රිපබ්ලිකන්ස් පක්ෂය දිනාගෙන ඇති ඡන්ද ප්‍රමාණය සියයට 16ටත් වඩා අඩු වන ප්‍රංශයේ මීට කලින් පැවැති ආණ්ඩුව හෙබ වූ සමාජවාදී පක්ෂය දිනාගෙන ඇත්තේ සියයට 7.4ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණ සියයට 13.2ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගන්නා විට අන්ත වාමාංශික ලෙෆ්ට් ඉන් ෆ්‍රාන්ස් පක්ෂය ජයග්‍රහණය කර ඇත්තේ සියයට 11ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
කෙසේ නමුත් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 2012 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැති ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වූ සියයට 57.2 සිට සියයට 48.7ක් දක්වා පහත වැටී තිබේ.
බී.බී.සි ඇසුරිනි - 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයින්ගේ දේශපාලනික නුගත්කම සහ ප්‍රංශ ජාතිකයින්ගේ දැනුවත්කම පිලිබඳ හොඳින් පිළිබිඹු වන අපූරු ලිපියක්. තමන්ගේ රටට දේශපාලනික වෙනසක් වුවමනා බව තේරුම් ගත ප්‍රංශ ජනයා, අත්දැකීම් අඩු වුනාද යහපත් පුද්ගලයින් තමන්ගේ නායකයින් ලෙස තෝරා ගැනීමට පෙළඹී ඇත. අපි තවමත් වේලකට ලැබෙන බත් පතට, අරක්කු බිඳකට හැමදාම තමන්ව රවටන බව දන්නා පක්ෂ දෙකකට කත් අදිනවා.
ප්‍රංශයේ හැම මැතිවරණයක්ම පවත්වන්නේ ඉරිදා දිනවලයි. පසුගිය ඉරිදා පැවති මහා මැතිවරණයේ පළමු වටය පැවැත්වුන දින මෙරටට ඉතාමත් යහපත්, උණුසුම් කාලගුණයක් පැවතීමේ හේතුව නිසා ඡන්ද දායකයන්ගේ පහල වැටීමක් සිදු වුණා. සති අන්තයේ කෙටි නිවාඩු සඳහා බොහෝ අය පිට පළාත්වලට ගොස් තිබීම එයට ප්‍රධාන හේතුවක් වුණා. සමාජවාදී පක්ෂයේ අයහපත් පාලනය නිසා එම පක්ෂය "අතුගැවීයන" තරමට පහල මට්ටමකට වැටුනා. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පළමු වටයෙන්ම වීසිවී ගියා. ප්‍රංශයේ 39 හැවිරිදි නව ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ "ලා රිපුබ්ලික් ඔන් මාර්ෂ් " පක්ෂය, ලබන ඉරිදා දෙවන වටයෙන් අති විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් මැති සබයට යවනු ඇත. ඉන් බොහෝ දෙනෙක් කිසිම දේශපාලන පළපුරුද්දක් නොමැති නවකයින් වීම ඡන්ද දායකයන්ගේ කනස්සල්ලට හේතුවක් වී තිබුනත්, මහත් බලාපොරොත්තු ඇතිව ජනාධිපති තනතුරට පත් කල එමානුවෙල් මැක්රෝන්ගේ දක්ෂකම උරගා බැලීම සඳහා මෙය කදිම අවස්ථාවක් වෙනවා ඇත !