IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප‍්‍රංශ ජනපතිවරණයෙන් ජයගත් ඕලන්ද් 15 වැනිදා දිවුරුම් දෙයි

ප‍්‍රංශ ජනපතිවරණයෙන් ජයගත් සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා ඕලන්ද් ලබන 15 වැනිදා ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය. 1981 වසරේ සිට 1995 තෙක් කාලයේ ප‍්‍රංශයේ ජනපති ධුරය හෙබවූ ජනපති ෆ‍්‍රන්සුවා මිතරෝන්ගෙන් පසු, සමාජවාදී පක්ෂ නායකයකු බලයට පත් වූ ප‍්‍රථම අවස්ථාව වන්නේ මෙයයි. ඕලන්ද්ගේ ඔහුගේ නව කැබිනට් මණ්ඩලයට හිටපු ප‍්‍රංශ අගමැතිවරයකු වන ලෝරන් සෙබියස් සහ තවත් නවක මන්තී‍්‍රවරුන් කිහිප දෙනකු පත් කිරීමට නියමිත යැයි වාර්තා වේ. ජනපතිවරණයට පෙර සිටම ඕලන්ද් දුන් ඡුන්ද පොරොන්දු අනුව, 2017 වසර වෙද්දී අයවැය පරතරය අඩු කිරීම සහ ආර්ථික සමතුලිතතාවක් ඇති කිරීම ඕලන්ද්ට විශාල අභියෝගයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. යුරෝපයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ 2008 වසරේ සිට මේ දක්වා සාර්කෝසි ඇතුළුව යුරෝපා රටවල රාජ්‍ය නායකයෝ 11 දෙනකු මේ වනවිට ඉල්ලා අස්වී ඇතැයි විදෙස් පුවත් සේවා මතක් කර දෙයි. මේ අතර ඕලන්ද්ට සුබ පැතුම් එක් කරමින් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ඔහුට ධවල මන්දිරයට පැමිණෙන්නැයි ද ආරාධනාවක් කර තිබේ.



අදහස් (0)

ප‍්‍රංශ ජනපතිවරණයෙන් ජයගත් ඕලන්ද් 15 වැනිදා දිවුරුම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site