IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ප‍්‍රංශ ජනපතිවරණයෙන් ඕලන්ද් ජය හිමිකරගනී

ප‍්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය ඊයේ (6) පැවැත්වුණු අතර පළමු වටයේදී මෙන්ම දෙවැනි වටයේදී ද වත්මන් ජනපති නිකලස් සාර්කෝසි පරදා සියයට 53ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගනිමින් ප‍්‍රංශ ජනපති ධූරයට පත්වීමට සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා  ඕලන්ද් සමත් වූයේය. ඕලන්ද්ගේ ජයග‍්‍රහණය සැලවූ සැනින් ඔහුගේ ආධාරකරුවන් ප‍්‍රංශයේ සමාජවාදී පක්ෂ මූලස්ථානයට සහ  ඕලන්ද්ගේ නිවස පිහිටි ටූල් ප‍්‍රදේශයට රැස් වී ප‍්‍රීතිඝෝෂා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කටයුතු ඊයේ උදෑසන 8 ට ආරම්භ වූ අතර රාතී‍්‍ර 8 ට අවසන් විය. ප‍්‍රංශ ජාතිකයෝ මිලියන 43 කට වැඩි පිරිසක් ඡුන්දය ප‍්‍රකාශ කළහ. ඒ අතර විදේසවල වෙසෙන ප‍්‍රංශ ජාතිකයෝ ද සිටිති. ඊයේ සවස වනවිට සියයට 80 ක් ඡුන්දය ප‍්‍රකාශ කර තිබුණු අතර නිල නොවන මූලික ප‍්‍රතිඵලවලින් පෙනී ගියේ කොන්සවටිව් පක්ෂ නායක සාර්කෝසි පසුබැසීමකට ලක්වී සිටි බවය.  ඕලන්ද්ගේ ජයග‍්‍රහණයත් සමඟ 1981 වසරෙන් පසු පිටපිට අවස්ථා දෙකකදී ජනපති ධුරය හෙබවීමට අපොහොසත් වූ ප‍්‍රංශ ජනපතිවරයා බවට පත් වූයේ සාර්කෝසිය. ඒ සමඟම  ඕලන්ද්ගේ මෙම ජයග‍්‍රහණය 1995 වසරෙන් පසු සමාජවාදී නායකයකු ප‍්‍රංශ ජනපති ධුරයට පත්වන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් විය. ප‍්‍රංශ ජනපතිවරණයේ පළමු වටය පැවැත්වූයේ ඉකුත් අපේ‍්‍රල් 22 වැනිදාය. ඊට අපේක්ෂක අපේක්ෂිකාවෝ 10 දෙනෙක් ඉදිරිපත් වූහ. ඒ අතරින් පළමු වැනි සහ දෙවැනි ස්ථානයට පත් වූයේ  ඕලන්ද් (57) සහ සාර්කෝසි (57) ය. ජනපතිවරණයේ දෙවැනිවටය ඔවුන් දෙදෙනා අතරේ පැවැත්වෙන්නේ ඒ නිසාය. පළමු වටේදී සාර්කෝසිට ලබා ගැනීමට හැකිවූයේ සියයට 27.18 ක ඡන්ද ප‍්‍රමාණයකි.  ඕලන්ද් ලබා ගත් ඡන්ද ප‍්‍රමාණය සියයට 28.63 කි. ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසු නිවෙස්වලට වී අවසන් ප‍්‍රතිඵල නිකුත්වන තුරු සාමකාමීව සිටින ලෙසත් කවුරු ජයග‍්‍රහණය කළත් එම ජයග‍්‍රහණය සාමකාමීව සතුටින් සමරන්නැයි සාර්කෝසි මෙන්ම  ඕලන්ද් ද ප‍්‍රංශ ජනතාවගෙන් ඉල්ලා ඇත. ෆ‍්‍රන්සුවා  ඕලන්ද් නිකලස් සාර්කෝසි



අදහස් (0)

ප‍්‍රංශ ජනපතිවරණයෙන් ඕලන්ද් ජය හිමිකරගනී

ලක්ෂිත පීරිස් Tuesday, 08 May 2012 11:56 PM

ඡන්දය තිබුණද කියලා මට නම් දැනුනේ නෑ. මම ඉන්නේ ප්‍රංශෙ. ඒකට ආපේ රට?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site