ප‍්‍රංශ ජනාධිපතිවරණය ඊයේ (22) ආරම්භ වූ අතර, වත්මන් ජනපති නිකලස් සාර්කෝසිට බලය අහිමි වී සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා  ඕලන්ද් ජයග‍්‍රණය කරනු ඇතැයි අනාවැකි පළවී ඇත.
ඡුන්ද දායකයන් කෝටි 4.4 ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටි අතර ජනපති සාර්කෝසිගේ පාලනය පිළිබඳ කලකිරී සිටි බොහෝ දෙනා කියා තිබුණේ තමන් ඔහුට විරුද්ධව ඡන්දය දෙන බව හෝ ඡුන්දය දීමෙන් වැළැකී සිටීමට තීරණය කළ බවය. මේ බව අනාවරණය වූයේ ජනපතිවරණයට පෙර පැවැති ජනමත සමීක්ෂණයකදීය.
මැතිවරණය ඊයේ උදෑසන 8 ට ආරම්භ වූ අතර පස්වරු 8 ට අවසන් වීමට නියමිතව තිබුණි. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 85,000 ක් කි‍්‍රයාත්මක වූ බව ද වාර්තා විය.
බ‍්‍රසීලය, උරුගුවේ, ආජන්ටීනාව,  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය යන රටවල වාසය කරන ප‍්‍රංශ ජාතිකයන් ද අත්ලාන්තික්, පැසිෆික් සහ ඉන්දීය සාගර කලාපයේ ප‍්‍රංශ දුපත්වල වැසියන් ද සිය ඡුන්දය ප‍්‍රකාශ කළේ පෙරේදා (21) ය.
ජනපතිවරණය සඳහා අපේක්ෂකයෝ 10 දෙනෙක් ඉදිරිපත් වෙති.
ඒ අතරින් පෙරමුණ ගෙන සිටින්නේ වත්මන් ජනපති සාර්කෝසි සහ සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා  ඕලන්ද්ය.
කරට කර සටනක යෙදී සිටින මොවුන් දෙදෙනගෙන් එක් අයකුට හෝ ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට 50 කට වඩා හිමිකර ගැනීමට නොහැකි වුවහොත් ඔවුන් දෙදෙනා අතරේ දෙවැනි වටයේ ඡන්දයක් ලබන මැයි මාසයේදී පැවැත්වේ.
							
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1940										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1536										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප‍්‍රංශ ජනපතිවරණය ඇරැඹේ: