කොස්ටරිකාවේ පෙරේදා (5) රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 7.6 ක් සටහන් කළ ප‍්‍රබල භූකම්පනයක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. භූමි කම්පාවෙන් අයෙකු මිය ගොස් 20ක් තුවාල ලැබුහ. මෙම භූකම්පනය ගි‍්‍රනිච් මධ්‍යහ්න වේලාවෙන් ප.ව 2.42 හටගැනීමෙන් අනතුරුව පැසිෆික් සාගරයට මායිම්ව පිහිටි කොස්ටරිකා, පැනමා සහ නිකර්ගුවා යන රටවලට සුනාමි අනතුරු ඇඟවීම් සිදු කළ බව එම ආයතනය වැඩිදුරටත් කියා සිටී. කොස්ටරිකාවේ සැන්හොසේ නගරයට කිලෝමීටර 10ක් ඔබ්බෙන් පිහිටි ස්ථානයක භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි භූවිද්‍යාඥයෝ පවසති. භූකම්පනය හටගෙන සුළු වේලාවකින් සැන්හොසේ නගරයේ විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධි වූ බවත් ජංගම දුරකතන සංඥා පද්ධතිය ද තාවකාලිකව විසන්ධි වූ බව වාර්තා වේ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd