IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප‍්‍රබල භූකම්පනයකින් ග්වාතමාලාව කැළඹේ

ග්වාතමාලා රාජ්‍යයට ඔබ්බෙන් පැසිෆික් මුහුද පෙරේදා(7) රික්ටර් මාපකයේ ඒකක 7.4ක් සටහන් කළ ප‍්‍රබල භූකම්පනයකින් කැලැඹී ගිය අතර ඉන් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 150කට අධික පිරිසක් තුවාල ලැබූහ භූකම්පනයේ බලපෑම ග්වාතමාලාවට පමණක් නොව එල් සැල්වදෝර් සහ මෙක්සිකෝව යන රටවලට ද දැනුණු අතර එල් සැල්වදෝර් වෙරළ කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීහු පියවර ගත්හ. භූකම්පනයෙන් මියගිය ගණන තවදුරටත් ඉහළ යා හැකි යැයි පවසන ග්වාතමාලා ජනපති ඔටෝ පේරෙස් මේ වන විට 23 දෙනෙක් අතුරුදන්ව ඇතැයි ද සඳහන් කළේය. ග්වාතමාලාවේ කැම්පීරෝ නගරයට කිලෝමීටර් 24ක් නිරිතදිගින් පිහිටි ස්ථානයක භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. මෙක්සිකෝ දේශසීමාසන්නයේ පිහිටි සැන් මාර්කොස් ප‍්‍රදේශයෙන් ජීවිතහානි වැඩි ප‍්‍රමාණයක් වාර්තා වේ. එම නගරය පිහිටා ඇත්තේ ග්වාතමාලාවේ අගනුවරට කිලෝමීටර් 250ක් එපිටින්ය. එම නගරයේ මියගිය ගණන 39කි. මායා ගෝත‍්‍රයට අයත් වැසියන් ජීවත්වන ප‍්‍රදේශවලට ද දැඩි හානි සිදුව තිබේ. පවසන්නේ මේ වන විට 16,000ක් අවතැන්ව ඇතැයි පවසන ජනපති පේරේස් 1976 වසරේදී පුද්ගලයන් 23,000ක් බිලි වූ භූකම්පනයට පසුව හටගත් ප‍්‍රබල භූකම්පනය මෙය බව සඳහන් කරයි. භූකම්පනයේ බලපෑමෙන් දැඩි හානි සිදුවූ ප‍්‍රදේශවලට විදුලිබලය සැපයුම ඇණහිට ඇති අතර ජල සම්පාදන කටයුතු ද අඩාල වී තිබේ. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ග්වාතමාලා රජය පියවර ගෙන ඇති අතර මිනිසුන් 800 දෙනකුට රැඳී සිටිය හැකි තාවකාලික වාසස්ථාන 11ක් ඉදි කර ඇතැයි ද වාර්තා වේ. යටත්විජිත සමයේ ගෘහනිර්මාණ ශිල්පයට අනුව තැනූ සැන් මාර්කෝස් නගරයේ ගොඩනැගිලිවලට ද බරපතළ හානි සිදුව ඇත. එමෙන්ම අනෙකුත් ප‍්‍රදේශවල පැරැණි නිවාස ආදිය බිමට සමතලාවී ඇති අයුරු දක්නට ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි. භූකම්පයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක් හටගත් බව භූවිද්‍යාඥයෝ පවසති.



අදහස් (0)

ප‍්‍රබල භූකම්පනයකින් ග්වාතමාලාව කැළඹේ

සුගන්දි Friday, 09 November 2012 02:40 PM

ලෝක විනාශය කියන්නේ මේවාටමයි අපිත් දන්නේනෑ අපටත් මොනඉරනමට මූණදෙන්න සුදුවෙයිද කියා තෙරුවන්සරණයි ....

:       0       0

අසේල Saturday, 10 November 2012 09:29 PM

අයියෝ සල්ලි

:       0       0

මුතුකුඩ Friday, 09 November 2012 07:44 PM

තව කෙතරම් දේවල් සිදුවීමට තිබෙනවාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site