ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා ලෙස ප‍්‍රනාබ් මුඛර්ජි අද (25) දිවුරුම් දීමට නියමිතය. කොංග‍්‍රස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ ඇමැතිවරයකු මෙන්ම ඉන්දියාවේ කෘතහස්ත දේශපාලනඥයකු ද වන 76 හැවිරිදි මුඛර්ජි පාලක කොංග‍්‍රස් පක්ෂයේ හිටපු මුදල් ඇමැතිවරයාය. මුඛර්ජි ජනපති ධුරයට පත් වූයේ පසුගිය 19 වැනිදා පැවැති ජනාධිපති තේරීමේ ඡුන්ද විමසුමෙන් සියයට 70කට ආසන්න වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමත් සමඟය. මීළඟ වසර පහක කාලය පුරා ඔහු ජනපති ධුරයේ කටයුතු කරනු ඇත. පාර්ලිමේන්තු ප‍්‍රධාන ශාලාවේදී ඉන්දීය වේලාවෙන් පෙරවරු 11.30ට ප‍්‍රනාබ් මුඛර්ජි මහතා ජනපති ධූරයේ දිවුරුම්දීමට නියමිත බව එරට රජයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය. ඉන්දියාවට නව ජනාධිපතිවරයෙක් පත් වූයේ හිටපු ජනාධිපතිනිය ප‍්‍රතිභා පාටෙල්ගේ නිල කාලය ඊයේ (24) අවසන් වීමත් සමඟය. ඉන්දියාවේ ජනපති ධුරයට පත් ප‍්‍රථම කාන්තාව ඇයයි. ඇය එම ධුරයට පත්වුණේ 2007 වසරේදීය. ඉන්දියාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ එරට ජනාධිපතිවරයා නාමික රාජ්‍ය පාලකයකු වන අතර ඔහුට වඩා බලතල හිමි වන්නේ අගමැතිවරයාටය.
2025 ඔක්තෝබර් මස 08
1881
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප‍්‍රනාබ් මුඛර්ජි ඉන්දියාවේ 13 වැනි ජනපති ලෙස අද දිවුරුම් දෙයි
මදූ Wednesday, 25 July 2012 12:40 PM
ඉන්දියාවේ දේශපාලනය හරි නිහතමානී ,බුද්ධිමත් , එයාලා බලයට කුලල්කා ගන්නේ නෑ .බොහෝ දේ ගොඩක් සාධාරණයි...(ස)
අමිල Wednesday, 25 July 2012 07:13 PM
දහතුන නේද? (නි)
මධු Wednesday, 25 July 2012 09:24 PM
මෙහෙම දේශපාලකයන් සිටින තුරු රටට වාසනාවන්! (නි)
දිසා Thursday, 26 July 2012 01:12 AM
අනේ, ඒ කියන්නේ තවත් කෙනෙක් විශ්‍රාම ගත්තා කියන එකනේ. (නි)