ඇමෙරිකා ජනාධිපතිවරණයේදී කරට කර සටනක් දීමට සමත් රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි වෙනුවෙන් රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් පැවැත්වීමට ජනපති ඔබාමා බලාපොරොත්තු වන බව ධවල මන්දිරය ඊයේ (29) නිවේදනය කළේය. ජනපතිවරණයෙන් පසු ඔබාමාත් රොම්නිත් මුහුණට මුහුණ එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙය බවත් ධවල මන්දිර ප‍්‍රකාශක ජේ කානී මාධ්‍ය හමුවේ පැවැසීය. ජනපතිවරණයට පෙර සිට ඔබාමා මැතිවරණ වේදිකාවේ කියා සිටියේ තමා යළි ජයග‍්‍රහණය කළහොත් රිපබ්ලිකන් පක්ෂය සමඟ සමීපව කටයුතු කරන බවත් ඔවුන්ගේ සහාය ඇතිව ඇමෙරිකාව නව දේශපාලන ගමන් මඟකට යොමු කරවන බවත්ය. එම ඡන්ද පොරොන්දුව ඉටු කරමින් ඔබාමා ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් වීම ප‍්‍රසංශනීය යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ප‍්‍රතිවාදී මිට් රොම්නි වෙනුවෙන් ඔබාමාගෙන් භෝජන සංග‍්‍රහයක්
අමිල Friday, 30 November 2012 09:31 PM
මොකද්ද අරමුණ (දී)
මුතුකුඩ Saturday, 01 December 2012 12:06 AM
ඇයි ලංකාවෙත් එහෙම වෙන්නේ. (නි)
ෂෙරීෆ් Friday, 30 November 2012 11:52 AM
අපේ අයට හොඳ ආදර්ශයක් (ස)
ලක්ෂිත Saturday, 01 December 2012 11:43 PM
කොපි ශ්‍රී ලංකා.. (නි)
මධූ Friday, 30 November 2012 12:39 PM
නිහතමානී නායකයෙක් (ස)
අවන්ති Saturday, 01 December 2012 04:11 PM
හොදයි නේ
ඉන්දික Saturday, 01 December 2012 05:20 PM
විශිෂ්ටයි ඔබාමා (දී)