IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප‍්‍රාණ ඇපයේ සිටි නයිජීරියා සේවකයෝ 28 දෙනා බේරා ගැනෙති

නයිජීරියාවේ නයිගර් ඩෙල්ටාවේ කි‍්‍රයාත්මක අපරාධ කල්ලියක ප‍්‍රාණ ඇපයේ සිටි තෙල් කැණීම් සේවකයෝ 28 දෙනෙකු මුදා ගැනීමට එරට නාවික හමුදාව පෙරේදා(27) සමත් විය. ‘ලැප්ටෝ මැරීන් බළකාය’ නමින් හැඳින්වෙන් ආයුධ සන්නද්ධ අපරාධ කල්ලිය විසින් එම සේවක පිරිස ප‍්‍රාණ ඇපයට ගෙන ඇත්තේ මීට දින කිහිපයකට පෙරදීය.ඔවුහු නයිජීරියාවේ තෙල් කැණීම් කරන සිනෙප්කෝ නමැති චීන සමාගමේ සේවකයෝ පිරිසක් වෙති. ‘ලැප්ටෝ මැරීන් බළකාය’ යනු නයිජීරියානු මුහුදු කොල්ලකරුවන් පිරිසකි. ඔවුහු නයිගර් අතු ගංගා සහ දියපහරවල සැරිසරමින් බෝට්ටු සහ කුඩා භාණ්ඩ ප‍්‍රවාහන නැව් කොල්ල කති. මිනීමැරුම් සහ නොයෙක් විධියේ අපරාධ සිදු කරති. නයිගර් ඩෙල්ටාව අසල කප්පම් ගැනීම් සහ පැහැර ගැනීම් ද බහුලව සිදුවෙයි. නයිජීරියානු රජය පවසන්නේ එම ප‍්‍රදේශය අපරාධ රජ දහනක් කියාය. අපරාධකරුවන් ප‍්‍රාණ ඇපකරුවන් රඳවාගෙන සිටි තැන දැන ගැනීමට හැකි වූ වහා නාවික හමුදා භටයන් කි‍්‍රයාත්මක වූ බවත් ප‍්‍රාණ ඇපකරුවන්ට කිසිදු අනතුරක් නොවී ඔවුන් බේරා ගැනීමට හැකිවුණු බවත් නයිජීරියානු රජය පවසයි.



අදහස් (0)

ප‍්‍රාණ ඇපයේ සිටි නයිජීරියා සේවකයෝ 28 දෙනා බේරා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site