නයිජීරියාවේ නයිගර් ඩෙල්ටාවේ කි‍්‍රයාත්මක අපරාධ කල්ලියක ප‍්‍රාණ ඇපයේ සිටි තෙල් කැණීම් සේවකයෝ 28 දෙනෙකු මුදා ගැනීමට එරට නාවික හමුදාව පෙරේදා(27) සමත් විය. ‘ලැප්ටෝ මැරීන් බළකාය’ නමින් හැඳින්වෙන් ආයුධ සන්නද්ධ අපරාධ කල්ලිය විසින් එම සේවක පිරිස ප‍්‍රාණ ඇපයට ගෙන ඇත්තේ මීට දින කිහිපයකට පෙරදීය.ඔවුහු නයිජීරියාවේ තෙල් කැණීම් කරන සිනෙප්කෝ නමැති චීන සමාගමේ සේවකයෝ පිරිසක් වෙති. ‘ලැප්ටෝ මැරීන් බළකාය’ යනු නයිජීරියානු මුහුදු කොල්ලකරුවන් පිරිසකි. ඔවුහු නයිගර් අතු ගංගා සහ දියපහරවල සැරිසරමින් බෝට්ටු සහ කුඩා භාණ්ඩ ප‍්‍රවාහන නැව් කොල්ල කති. මිනීමැරුම් සහ නොයෙක් විධියේ අපරාධ සිදු කරති. නයිගර් ඩෙල්ටාව අසල කප්පම් ගැනීම් සහ පැහැර ගැනීම් ද බහුලව සිදුවෙයි. නයිජීරියානු රජය පවසන්නේ එම ප‍්‍රදේශය අපරාධ රජ දහනක් කියාය. අපරාධකරුවන් ප‍්‍රාණ ඇපකරුවන් රඳවාගෙන සිටි තැන දැන ගැනීමට හැකි වූ වහා නාවික හමුදා භටයන් කි‍්‍රයාත්මක වූ බවත් ප‍්‍රාණ ඇපකරුවන්ට කිසිදු අනතුරක් නොවී ඔවුන් බේරා ගැනීමට හැකිවුණු බවත් නයිජීරියානු රජය පවසයි.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd